Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යෝෂිත තේරීම් තරගාවලිය මඟහරී

යෝෂිත තේරීම් තරගාවලිය මඟහරී

editorial - 2022 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයන් 56 දෙනාගේ මූලික සංචිතයට ඇතුලත්ව සිටි අගමැති පුත් යෝෂිත රාජපක්ෂ, ආරක්ෂක හේතූන් මස අවසන් සංචිතය තෝරා ගැනීම සඳහා ඉරිදා පැවැති තේරීම් තරගාවලිවට සහභාගි වී නැතැයි වාර්තා වේ.
 
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තෝරාගෙන ඇති ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතයට ඊයේ (24 වැනිදා) කොළඹ සී.ආර්. පිටියේදී තෝරාගන්නා ලදි. කණ්ඩායමේ නායකත්වය සඳහා මහනුවර ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර පත්කර තිබේ.  

මේ වන විට රට තුළ පවතින විරෝධතා හේතුවෙන් තේරීම් තරගාවලිය පැවැති සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ බවද වැඩි දුරටත් දැනගන්නට ලැබේ. විරෝධතාකරුවන් කොයි මොහොතේ හෝ සී.ආර්. පිටියට කඩාවැදීමේ අවදානමක් පැවැති හෙයින් යෝෂිත රාජපක්‍ෂ තේරීම් තරගාවලියට සහභාගි වීමෙන් වැළකී සිටීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.  

- 036


අදහස් (0)

යෝෂිත තේරීම් තරගාවලිය මඟහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.