Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදාවට ගුවන් ප්‍රහාරයක්
අන්තර් සමාජ රග්බි

යුද හමුදාවට ගුවන් ප්‍රහාරයක්

editorial - 2023 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය යටතේ අද (22 වැනිදා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් යුද හමුදාවට එරෙහිව ලකුණු 27-19 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 05-00 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පෙරමුණේ පසුවිය. එහෙත් දෙවැනි අර්ධයේදී තරගයට අවතීර්ණ වූ යුද හමුදා ක්‍රීඩකයෝ, ලකුණු 27 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. එම අර්ධයේදී යුද හමුදාවට ලබාගත හැකි වූයේ ලකුණු 14 ක් පමණි.  

පළමු අර්ධයේදී උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ යුද හමුදා ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් ලබාගත්හ. පළමු අර්ධයේදී ලකුණු ලබාගැනීමට අසමත් වූ ගුවන් හමුදා කණ්ඩායමේ දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් සමගිනි.  

කවීන් පෙරේරා 19 වැනි විනාඩියේදීද, ලසන්ත කුමාර 43 වැනි විනාඩියේදීද, මොහොමඩ් රාෆින් 50 වැනි විනාඩියේදීද යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් 3 න් දෙකක ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ ඉසුරු මැදගොඩ විසිනි.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් දර්ශන දාබරේ 43 වැනි විනාඩියේදීද, පරාක්‍රම රත්නායක 47 වැනි විනාඩියේදීද, ශමිල්ක කුෂාන් 66 වැනි සහ 79 වැනි විනාඩිවලදීද උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් 3 න් දෙකක ප්‍රවර්ථනයන් සහ සිය කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක් (56 වැනි විනාඩියේදී) සාර්ථක කරගැනීමට නුවන් පෙරේරා සමත් විය.

මෙම තරගයේදී යුද හමුදා කණ්ඩායමේ සුබොධ සමරකෝන් (40 වැනි විනාඩියේදී) සහ නාලන් ප්‍රේමරත්න (80 වැනි විනාඩියේදී) ද, ගුවන් හමුදා කණ්ඩායමේ ඉසුරු ජයරත්න (73 වැනි විනාඩියේදී)  ද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

 

(ඡායාරූප - නිසල් බදුගේ)

 


අදහස් (0)

යුද හමුදාවට ගුවන් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.