Last Update  :  About Contact
IMG-LOGO

Live Updates

ලෝක කුසලාන එංගලන්තයට

දමින්ද විජේසූරිය - 2022 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන අවසන් මහ තරගය

කාසියේ වාසි දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දු යැවීම තෝරාගනී


05:15 PM

05:11 PM

එංගලන්තය - ඕවර 19 කදී කඩුලු 5 ට 138
පාකිස්තානුවන්ගේ ලකුණු 137 පහසුවෙන්ම පසුකර ගිය එංගලන්තය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී  කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කරමින් විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්තේය. මෙය එංගලන්තය විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් දෙවැනි අවස්ථාවයි. 
වසර 2010 දී වි-20 ලෝක කුසලාන දිනාගත්තේ ද එංගලන්තයයි. 
බෙන් ස්ටෝක්ස් - නොදැවී 52
ලයාම් ලිවිංග්ස්ටන් - නොදැවී 01

 

05:06 PM

05:01 PM

එංගලන්තය - ඕවර 16 කදී කඩුලු 4 ට 110
හාරිස් රවුෆ් (8) සහ ඉෆ්තිකාර් අහමඞ් (13) දෙදෙනාගේ ඕවර 2 කින් ලකුණු 21 ක් උදුරාගත් බෙන් ස්ටෝක්ස් සහ මොයින් අලී දෙදෙනා අග්ගිස්සේ ඕවර 4 ආරම්භ වීමට පෙරම තරගයේ වාසිය අතට ගත්හ. ශහීන් ෂා අෆ්රීඩි තුවාල ලැබීම හේතුවෙන් ඔහුගේ පන්දු 5 ක් යැවූ ඉෆ්තිකාර් හමුවේ බෙන් ස්ටෝක්ස් ලකුණු 13 ක් උදුරාගත්තේය. 
ජයග්‍රහණය සඳහා පන්දු 24 කින් ලකුණු 28 ක් ඕනෑකර තිබේ. 
බෙන් ස්ටෝක්ස් - නොදැවී 39
මොයින් අලී - නොදැවී 05

 

04:55 PM

04:41 PM

එංගලන්තය - ඕවර 12 කදී කඩුලු 3 ට 82
අවසන් ඕවර 6 දී එංගලන්ත ලකුණු සංඛ්‍යාව 33 කට සීමාවෙයි. පාකිස්තානු පන්දු යවන්නෝ ලකුණු ගලනයත් පිතිකරුවාත් පාලනය කරගෙන සිටිති. එංගලන්තයේ 2019 ලෝක කුසලාන වීරයා වන බෙන් ස්ටෝක්ස් පන්දු 24 කින් ලකුණු 18 ක් ලබාගෙන තවමත් පිටියේ සිටී. 
ජයග්‍රහණය සඳහා පන්දු 48 කින් ලකුණු 56 ක් ඕනෑකර තිබේ. 
බෙන් ස්ටෝක්ස් - නොදැවී 18
හැරී බෲක් - නොදැවී 18

 

04:34 PM

04:11 PM

03:57 PM

එංගලන්තය - ඕවර 4 කදී කඩුලු 2 ට 32
එංගලන්තය ඕවර 4 කින් ලකුණු 32 ක් ලබාගත් නමුත් පාකිස්තානු පන්දු යවන්නෝ ඒ අතරවාරයේදී කඩුලු දෙකක් දවාගගෙන සිටිති. 
ජොස් බට්ලර් - නොදැවී 20
බෙන් ස්ටෝක්ස් - නොදැවී 00

 

03:50 PM

03:21 PM

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 8 ට 137
අවසන් ඕවර 4 ලකුණු 18 කට සීමාකළ සෑම් කරන් සහ ක්‍රිස් ජෝර්ඞ්න් දෙදෙනා පකිස්තානුවන්ගේ ඉනිම ලකුණු 137 කට සීමා කළහ. අවසන් ඕවර 4 දී පාකිස්තානුවන්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ ලකුණු 3 ක්, 5 ක්, 4 ක් සහ 6 ක් වශයෙනි. 
ශහීන් අෆ්රීඩි - නොදැවී 05
හාරිස් රවුෆ් - නොදැවී 01

 

03:18 PM

03:10 PM

03:00 PM

පාකිස්තානය - ඕවර 16 කදී කඩුලු 4 ට 119
පාකිස්තානුවෝ සිය ඉනිමේ අග්ගිස්සට පිවිස සිටිති. මෙම තරගයේ තීරණය රැඳී ඇත්තේ ඉනිමේ අග්ගිස්සේ ඕවර 4 න් පාකිස්තානුවන් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව අනුවය. කඩුලු 6 ක් පාකිස්තානුවන් අත තිබුණද එංගලන්ත පන්දු යවන්නෝ ත් විශිෂ්ට පන්දු යැවීමක නිරතව සිටිති. 
බෙන් ස්ටෝක්ස්ගේ ඕවර 4 ලකුණු 32 කට සීමාවෙයි
ශාන් මසූඞ් - නොදැවී 36
ශදාබ් ඛාන් - නොදැවී 20

 

02:54 PM

02:47 PM

පාකිස්තානය - ඕවර 14 කදී කඩුලු 4 ට 98
අදිල් රෂීඞ් සිය ඕවර 4 ලකුණු 22 කට සීමාකර ගනිමින් කඩුලු දෙකක් ද දවාගත්තේය. රෂීඞ්ගේ ඕවර 4 ට නොයිඳුල් ඕවරයක් ද ඇතුළත් වන අතර එම ඕවරයේදී අලංකාර ගුග්ලි පන්දුවකින් පාකිස්තානු නායක බාබර් අසාම් දවාගැනීමට රෂීඞ්ට හැකිවිය. බාබර් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඉෆ්තිකාර් අහමඞ්ට අදිල් අෂීඞ්ගේ ඉතිරි පන්දු 5 න් එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය. 
ශාන් මසූඞ් - නොදැවී 28
ශදාබ් ඛාන් - නොදැවී 08

 

02:32 PM

02:30 PM

පාකිස්තානය - ඕවර 10 කදී කඩුලු 2 ට 68
ප්‍රහාරාත්මක ඕවර 6 දී අපේක්‍ෂා කළ තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගත නොහැකි වූ නමුත්, ඕවර 4 කින් ලකුණු 29 ක් ලබාගත් පාකිස්තානුවෝ හෙමින් හෙමින් හිස් ඔසවමින් සිටිති. 7 වැනි ඕවරයේ සිට 10 වැන්න දක්වා ලකුණු 29 ක් ලබාගත් පාකිස්තානු පිතිකරුවෝ, ඉනිමේ පළමු අර්ධය නිමාවේදී ලකුණු වේගය 6.8 ක රඳවා ගත්හ. 
බාබර් අසාම් - නොදැවී 29
ශාන් මසූඞ් - නොදැවී 11

 

02:14 PM

02:09 PM

පාකිස්තානය - ඕවර 6 කදී කඩුලු 1 ට 39
ක්‍රිස් වෝක්ස් යැවූ සිව්වැනි ඕවරයේදී ලකුණු 12 ක් ලබාගැනීමට බාබර් අසාම් සහ මොහොමඞ් රිස්වාන් සමත් වූවත්, පස්වැනි ඕවරයේදී සෑම් කරන් ක්‍රියාත්මක විය. කරන්ගේ පන්දුවක් හමුවේ රිස්වාන් දැවී යාමෙන් පසුව පාකිස්තානුවෝ තරමක් පසුබට වූහ. 
බාබර් අසාම් - නොදැවී 16
මොහොමඞ් හාරිස් - නොදැවී 04

 

01:55 PM

01:50 PM

01:43 PM

මුල්ම ඕවර දෙක යැවූ බෙන් ස්ටෝක්ස් සහ ක්‍රිස් වෝක්ස් දෙදෙනාගෙන් බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 12 ක් ලබාගනිති


අදහස් (0)

ලෝක කුසලාන එංගලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.