Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වසර තුනක් තිස්සේ නීතිපති උපදෙස් නෑ

වසර තුනක් තිස්සේ නීතිපති උපදෙස් නෑ

editorial - 2025 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට අන්තර් ජාතික පාපැදි සම්මේලනයෙන් ප්‍රදානයක් ලෙස වසර 2019 ලැබුණු පාපැදි ධාවකයන් පුහුණුවීම් සදහා යොදා ගන්නා ‘වොට්බයික්‘ යන්ත්‍ර දෙක මේ දක්වා ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයේ භාරයේ රදවා ගෙන සිටින බව වාර්තාවේ.

මෙම පාපැදි පුහුණු යන්ත්‍ර ශ්‍රී ලංකාවට ප්‍රදානය වූයේ 2019 කත්මන්දු සාග් ක්‍රීඩා උළෙලේදී සිදුවූ බව කියන තරග පාවාදීමේ සිදුවීමකට අල්ලසක් හැටියට බවට චෝදනා කරමින් එවකට ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් විසින් කුරුදුවත්ත පොලීසියට හා ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයට 2020 වසරේ ජනවාරී මාසයේදී කළ පැමිණිල්ලක්  විමර්ෂණය කර මේ වන විට වසර තුනක් ඉක්මවා ගොස් ඇතැයිද වාර්තාවේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු නීතිමය පියවර පිළිබදව මේ දක්වා නීතිපතිවරයාගේ උපදෙස් නොලැබීමෙන් එම උපකරණ දෙක මේ වන විට ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් එකකය භාරයේ තවදුරටත් රදවා ගෙන සිටියි.

කෙසේවූවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවීමෙන් පසුව අන්තර් ජාතික පාපැදි සම්මේලනය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයාට දැනුම් දුන්නේ එහිදී කිසිදු අල්ලස් හෝ තරග පාවාදීමක් සිදුවී නොමැති බවත් එය සිය සම්මේලනය විසින් ආසියානු පාපැදි සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට කළ පරිත්‍යාගයක් පමණක් බවත්ය.

එහිදී ජාත්‍යන්තර සම්මේලනය වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකාව තවදුරටත් ඒ පිළිබදව සැක ඇති කර ගන්නේ නම් මෙම පරිත්‍යාගය ප්‍රතික්ෂේප කරමින් වහාම ආපසු එම වොට්බයික් පරිත්‍යාගය තමන්ට බාර දෙන ලෙසයි.

මෙම සිදුවීමේදී ශ්‍රී ලංකාව විසින් නේපාලයට තරග පාවාදීමක් සිදුකර ඇතැයි කියමින් ක්‍රීඩා අමාත්‍යාංශය චෝදනා එල්ල කළේ 2019 කත්මන්දු සාග් ක්‍රීඩා උළෙලේදී සංචාරක ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස කටයුතු කළ උපාලි රත්නායක හා එවකට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති ධූරය දැරූ අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්.කරුණාරත්න යන මහත්වරුටය.

මේ අතර වත්මන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට නොබෝදා ලිපියක් යොමු කළ හිටපු ජාතික පාපැදි පුහුණුකරු උපාලි රත්නායක මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලයි. එහිදී එවකට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුදැනුමෙන් තරග පාවාදීමේ චෝදනාව පොලීසියට පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කර සිටි බව කියන එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ   පාපැදි ව්‍යාපෘති නිලධාරියා ලෙස කටයුතු කළ ගාමිණී කොස්තා මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව මෙම වොට්බයික් යන්ත්‍ර ක්‍රීඩකයන්ට පාවිච්චියට ගැනීම මේ දක්වා අවහිර කර තිබෙන මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරීන්ගෙන් වන්දි අය කර ගැනීමටද කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් එම ලිපියෙන් ඉල්ලීමක් කර තිබේ.


අදහස් (0)

වසර තුනක් තිස්සේ නීතිපති උපදෙස් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.