Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශූරයා රවිඳු : ශූරිය ඉසඩීන්
ජාතික ස්කොෂ් ශූරතාවලිය

ශූරයා රවිඳු : ශූරිය ඉසඩීන්

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය 41 වැනි වරටත් සංවිධානය කළ ජාතික ස්කොෂ් ශුරතාවලියේ විවෘත පිරිමි ශුරතාව දිනාගැනීමට රවිඳු ලක්සිරිද, විවෘත කාන්තා ශුරතාව දිනාගැනීමට ෆතූම් ඉසඞීන්ද සමත් වූහ. දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩා සමාජ ස්කොෂ් ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සදහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 100 ක් පමණ සහභාගි වූහ.

පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස ශමිල් වකීල් පරාජය කරමින් රවිඳු ලක්සිරි ජාතික ශූරතාව දිනාගත්තේය. ඔහු පිට පිටම ජාතික ස්කොෂ් ශූරයා බවට පත් වූ 9 වැනි අවස්ථාව මෙය විය.

පළමු වටයේදී ලකුණු 11/07 ක් ලෙස ශමිල් හමුවේ පරාජය වූ රවිඳු දෙවැනි, තෙවැනි සහ සිවුවැනි වට පිළිවෙලින් ලකුණු 11/02, 11/05 ක් සහ 11/06 ක් ලෙස ජයගනිමින් ජාතික ශූරයා බවට පත් විය.

ෆතූම් ඉසඞීන් ජාතික ශූරතාව දිනාගත්තේ කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස චනිත්මා සිනාලි පරාජය කරමිනි. ෆතූම් පිට පිටම ජාතික ස්කොෂ් ශූරිය බවට පත්වූයේ තෙවැනි වරටය.

පළමු සහ දෙවැනි වටවලදී ලකුණු 11/09 ක් සහ 11/03 ක් ලෙස චනිත්මා පරාජය කළ ෆතූම්, තෙවැනි වටයේදී චනිත්මා හමුවේ ලකුණු 11/08 ක් ලෙස පරාජයට පත් වූවාය. කෙසේ වුවත් ලකුණු 11/06 ක් ලෙස සිවුවැනි වටය ජයගත් ෆතූම් සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තාය.

පිරිමි කේවල, කාන්තා කේවල, ආධුනික පිරිමි, ආධුනික කාන්තා, වයස 35 න් ඉහළ පිරිමි, වයස 40 න් ඉහළ පිරිමි, වයස 50 න් ඉහළ ප‍්‍රවීණ පිරිමි යන කාණ්ඩ 7 යටතේ මෙම තරගාවලියේදී තරග පැවැත්විණ. තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ස්කොෂ් තේරීම් කමිටු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් තිස්ස ජයසූරිය මහතා සහභාගි විය.


තරග ප‍්‍රතිඵල
පිරිමි අවසන් මහ තරගය
රවිඳු ලක්සිරි විසින් තරග වට 3-1 ක් ලෙස ශමිල් වකීල් පරාජය කරන ලදි. (07/11, 11/02, 11/05, 11/06)

කාන්තා අවසන් මහ තරගය
ෆතූම් ඉසඞීන් විසින් තරග වට 3-1 ක් ලෙස චනිත්මා සිනාලි පරාජය කරන ලදි. (11/09, 11/03, 08/11, 11/06)

 


අදහස් (0)

ශූරයා රවිඳු : ශූරිය ඉසඩීන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.