Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මල්ලවපොර ලෝක ශූරතාවලියට 6 ක් යති

මල්ලවපොර ලෝක ශූරතාවලියට 6 ක් යති

editorial - 2021 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නොර්වේ රාජ්‍යෙය් ඔස්ලෝ නුවරදී ලබන ඔක්තෝබර් 2 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවත්වෙන 17 වැනි ලෝක මල්ලවපොර ශූරතාවලිය සඳහා ක්‍රීඩකයන් පස්දෙනකු හා ක්‍රීඩිකාවක් ඇතුළත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි වෙයි. ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පැවසුවේ  ශ්‍රී ලංකා කණ්ඩායම මෙම 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට සුදානමින් මේ වන විටත් වීසා අයදුම්කර තිබෙන බවයි.

මෙම කණ්ඩායමට නියමිත සුදුසුකම් ලබා තේරී සිටි ක්‍රීඩකයෝ 4 දෙනෙකි. තවත් ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවට හිමි පංගු ක්‍රමය යටතේ තරගාවලියට එක්ව සිටිති.

මල්ලවපොර ලෝක ශූරතාවලිය කාන්තා හා පිරිමි ප්‍රධාන ඉසව් 20 කින් සමන්විතය. ඒ හැරෙන්නට පිරිමි කාණ්ඩය සඳහා තවත් පැරණි ක්‍රමයේ (ග්‍රික- රෝම) ඉසව් 10 ක් ද තරගාවලියට අන්තර්ගතය.  

වාර්ෂිකව පැවැත්වෙන මෙම ලෝක ශුරතාවලිය කොවිඩ් වසංගතය  හේතුවෙන් 2020 දී අවලංගු කෙරුණි. අවසන් වරට පැවති 2019 තරගාවලියේ දී රන් පදක්කම් නවයක් දිනා රුසියාව තරගාවලිය ජය ගත්තේය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද පසුගිය වසරක කාලයක් තුළ දී විදෙස් තරග සංචාර දෙකක් සාර්ථක කර ගැනීමට මල්ලවපොර සම්මේලනයට හැකිවිය. පසුගිය අප්‍රේල් මාසයේ රුසියාවේ පැවති ලෝක කනිෂ්ඨ මල්ලවපොර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තු මාසයේ කසකස්ථානයේ පැවති ආසියානු ශුරතා තරගාවලියටද සහභාගි විය.  කෙසේ වෙතත් මැයි මාසයේ බල්ගේරියාවේදී පැවති ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක චාමර මිලින්ද පෙරේරා සහභාගිවීමට දැරූ උත්සහය අසාර්ථක විය.


මල්ලවපොර ලෝක ශූරතාවලියට යන  ශ්‍රී ලංකා කණ්ඩායම
මධුෂංඛ ලක්මාල් විරසූරිය (නායක - කිලෝග්‍රෑම් 74 බර පංතිය), ගයාන් චතුරංග ඒකනායක (කිලෝග්‍රෑම් 75 බර පංතිය), චාල්ස් ප්‍රනාන්දු (කිලෝග්‍රෑම් 65 බර පංතිය), අනිල් නිරෝෂණ මුණසිංහ (කිලෝග්‍රෑම් 70 බර පංතිය), සුරේෂ් චානක ප්‍රනාන්දු (කිලෝග්‍රෑම් 79 බර පංතිය)
නිලුෂි නදීෂා පෙරේරා (කිලෝග්‍රෑම් 62 බර පංතිය)

කළමනාකරු - ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා
පුහුණුකරු - වයි.ආර්.සී. පෙරේරා මහතා

 


අදහස් (0)

මල්ලවපොර ලෝක ශූරතාවලියට 6 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.