Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ත්‍රෝබෝල් මුල්පුටුව රුමෝල්ඩ්ට

ත්‍රෝබෝල් මුල්පුටුව රුමෝල්ඩ්ට

editorial - 2022 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ත්‍රෝබෝල්  සම්මේලනයේ නව විධායක සභාව  තෝරා ගැනීම සඳහා කටුනායකදී පැවැති නිලවරණයකදී ඉදිරි සිව් වසරක කාලයක් සඳහා සභාපති ධුරයට රුමෝල්ඩ් ප්‍රනාන්දු මහතා තිතරගයෙන් පත්විය.

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති නිලවරණයේදී (2022-26) නව ත්‍රෝබෝල් විධායක සභාවේ සියලු පත්වීම් නිතරගයෙන් සිදු කෙරුණි. නව සභාපති රුමෝල්ඩ් ප්‍රනාන්දු මහතා ත්‍රෝබෝල් සම්මේලනයේ විධායක සභාවට නවකයෙකි.

මීට පෙර සභාපති ධුරයේ කටයුතු කළ ග්‍රොඩ්පි දාබරේ මහතා මෙවර කිසිදු තනතුරකට ඉදිරිපත් නොවීය. සිය නිල කාලය තුළදී කිසිදු ක්‍රියාකාරී කටයුත්තකට සහභාගි නොවූ බවට ඔහුට චෝදනා එල්ල විය.

 

ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සම්මේලනයේ නව විධායක සභාව (2022-26)

• සභාපති:- රුමෝල්ඩ් ප්‍රනාන්දු මහතා (ගම්පහ)

• නියෝජ්‍ය සභාපති:- ඒ.එම්. යසා රාමචන්ද්‍ර  මහත්මිය (ගම්පහ)

• ලේකම්:- ඩබ්ලිව්.සී.ඒ. ප්‍රනාන්දු මහතා (පුත්තලම)

• භාණ්ඩාගාරික:- සිවලී රන්දෙණිය මහතා (ගම්පහ)

• උප ලේකම්:- තමරා එන්. ඉලේසිංහ මහත්මිය (ගාල්ල)

• උප භාණ්ඩාගාරික:- ඩබ්.සී.එම්. ප්‍රනාන්දු මහතා (පුත්තලම)

• තරග ලේකම් :- එම්.ජී.එච්.ටී. විජේරත්න මහතා (ගම්පහ)

• සම්බන්ධීකරණ ලේකම්:-  යැස්මින් ධර්මරත්න මහත්මිය (කොළඹ)

• උප සභාපතිවර ධුර (5) අනුලා අයි. පෙරේරා (ගම්පහ) ගාමිණී සිරිල් ඒකනායක (මහනුවර), පද්මා මාලනී කරුණාරත්න ( කොළඹ), සමන් වෙත්තසිංහ (කළුතර) යන මහත්ම මහත්මීන්  පාසල් සංගමයට එක් ධුරයක් වෙන් කෙරේ.

• විධායක සභික ධුර (5)- නිරෝෂා දමයන්ති සිල්වා (ගම්පහ), ජේ.ඒ.පී.යූ.බී. තිබ්බුටුමුණුව(කෑගල්ල), පී.ඒ.කේ. කරුණාරත්න (කෑගල්ල), නුවන් ෂාමික (ගාල්ල) හා ඊ.ඒ.සී. රත්නායක යන මහත්ම මහත්මීන්.

 

- 223


අදහස් (0)

ත්‍රෝබෝල් මුල්පුටුව රුමෝල්ඩ්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.