Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සූ වෙයි හමුවේ නිලූකට පරාජය

සූ වෙයි හමුවේ නිලූකට පරාජය

editorial - 2021 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ අද (24 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී වට 2-0 ලෙස ශ්‍රි ලංකාවේ නිලූක කරුණාරත්න පරාජය කිරිමට චීන තායිපේහි වෙංග් සූ වෙයි සමත් විය.

'එෆ්' කාණ්ඩය යටතේ පැවැති එම තරගයේ පළමු වටය ලකුණු 21/12 ලෙස ජයගත්  සූ වෙයි, දෙවැනි වටයේදී ලකුණු 21/15 ලෙස නිලුක පරජයට පත් කළේය. මෙම තරගයෙන් පරාජයට පත් වුවද තව දුරටත් ඔහුට තරගාවලිය තුළ රැදී සිටිමට අවස්ථාව හිමිව තිබේ.

මූලික වටයේදී නිලුක  සහභාගි වන මීළඟ තරගය අයර්ලන්තයේ ගුයෙන් හාට්ට එරෙහිව අනිද්දා (26 වැනිදා) ශ්‍රි ලංකා වෙලාවෙන් පස්වරු 2.50 ට අරම්භ වීමට නියමිතය. එම තරගයෙන්ද පරාජය වුවහොත් ඔහුට තරගාවයෙන් ඉවත් වීමට සිදු වනු ඇත.

36 හැවිරිදි  නිලූක, ඔලිම්පික් උළෙලකට සහභාගි වන තෙවැනි අවස්ථාව මෙයයි. 2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී අවසන් 16 දෙනා අතරට පැමිණි ඔහු, 2016 වසරේ පැවැති රියෝ ඔලිම්පික් උලෙළේදී මූලික වටයෙන්ම පරජයට පත්විය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ  සාර්ථකම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස හැදින්විය හැකි නිලූක, 17 වරක් ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනා ඇති අතර සිය ක්‍රීඩා දිවිය තුළ ලොව පුරා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි 21 කදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමටද ඔහු සමත්ව සිටියි.

2000 වසරේ සිට මේ දක්වා තෝමස් කුසලාන, ආසියානු ශූරතාවලිය, ලෝක ශූරතාවලිය, ආසියානු ක්‍රීඩා උළෙල, සුදිර්මන් කුසලාන, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ඔලිම්පික් යන ඉහළ පෙලේ ජාත්‍යන්තර තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඔහු වරෙක ‍ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි 34 වැනි ස්ථානයද හිමිකර ගත්තේය.

-036

 


අදහස් (1)

සූ වෙයි හමුවේ නිලූකට පරාජය
  • Wimal Sunday, 25 July 2021 12:36 AM

    මෙලෝ වැඩක් නැති හාදයෙක්.. අලුත් පරම්පරාවක් ඉස්සරහාට ගන්න දෙන්නේ නැතුව සදාකල් ලංකාවට පරාජය විතරක් උරුම කරවන අයගෙන් එක්කෙනෙක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.