Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලාංකිකයකුගේ මුල්ම ලෝක වාර්තාව

ශ්‍රී ලාංකිකයකුගේ මුල්ම ලෝක වාර්තාව

editorial - 2021 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී එෆ්-46 කාණ්ඩයේ රන් පදක්කමත් සමගින් ශ්‍රී ලාංකිකයකු ජවන හා පිටිය ඉසව්වකදී පිහිටවූ පළමු වැනි ලෝක වාර්තාව තමන් සතුකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය. ඔහු විසින් පිහිටුවන ලද මෙම ඉසව්වේ නවතම ලෝක වාර්තාව මීටර 67.79 කි.  මෙම ලෝක වාර්තාවත්,  සමිත දුලාන් කොඩිතුවක්කු විසින් දිනාගන්නා ලද ලෝකඩ පදක්කමත් නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයම සුවිශේෂී දක්ෂතා ඇති ක්‍රීඩකයන් දෙස අලුත් ඇසකින් බලන්නට පටන්ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම වෙනුවෙන් නිල අනුග්‍රහය දක්වනු ලබන ඩයලොග් ආසිආටා සමාගම මහත් අමන්දානන්දයට පත්ව සිටී.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාස පොත අලුතෙන් ලියවූ දිනේෂ් ප්‍රියන්ත හේරත් රන් පදක්කම දිනාගෙන මඳ වේලාවකට පසුව, ඔහුගේ කණ්ඩායම් සගයා වන සමිත දුලාන් කොඩිතුවක්කු එෆ් - 64 හෙල්ල විසිකිරීම් ඉසව්වේදී මීටර 65.61 ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.

“මගේ ප්‍රධාන ඉලක්කය වුනේ ලෝක වාර්තාවක් පිහිටුවමින් මගේ රට වෙනුවෙන් රන් පදක්කමක් දිනාදීමයි. ඒ වෙනුවෙන් වසර ගණනාවක් කැපකීරීම් කළා. එය මේ ආකාරයෙන් යථාර්ථයක් බවට පත්වීම ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා.“

“මගෙ රට වෙනුවෙන් සේවය කරමින් සිටින අතරතුර 2008 වසරේදී  තුවාල ලබා වසර 4ක කාලයක් පුනරුත්ථාපනය වීමෙන් පසුව 2012  වසරේදියි මම හෙල්ල විසිකිරීම ඇරඹුවේ. මගේ පවුලේ උදවිය, මගේ කණ්ඩායම මෙන්ම ජයග්‍රහණය කරා පැමිණි මේ ගමනේදී මා හට උපකාර කළ සියලු දෙනාටම මේ මොහො‍තේදී මගේ ස්තුතිය පිරිනැමීමට කැමතියි’ යයි දිනේෂ් ප්‍රියන්ත හේරත් පැවසුවේය.

“දිනේෂ් හේරත් ශ්‍රී ලංකාවට දිනාදුන් මෙම ගෞරවයත්, ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී සිය හොඳම විසිකිරීම සිදුකළ සමිත කොඩිතුවක්කුත්  දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් අපි අතිශයින් ආඩම්බරයට පත්වනවා. මෙය කණ්ඩායමක් ලෙස එකාවන්ව කැපවීමෙන් ඕනෑම දැවැන්ත ඉලක්කයක් ජයගත හැකි බවට සාක්ෂියක්.“ 

“අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන විශ්වාසය තබමින් වසර ගණනාවක් පුරා ඔවුන්ගේ මෙම අසමසම දක්ෂතාවන් සවිබලගන්වමින් 2000 වසරේ සිට නිබඳවම අප සමග රැදී සිටින ඩයලොග් ආයතනයට අපි අපේ අප්‍රමාණ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා“ යැයි

ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා පැවසීය.

දශක දෙකක් පුරා සුවිශේෂී අවශ්‍යතා සහිත ක්‍රීඩකයන් වෙනුවෙන් අනුග්‍රහය දක්වන ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසන්නේ

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සමග සමීප සබඳතා ඇතිකරගනිමින් හෙට දිනයේ ශූරයන්වත් තවදුරටත් පෝෂණය කිරීමට තම ආයතනය සූදානමින් සිටින බවයි.

“දිනේෂ් සහ සමිත දිනාගත් මෙම ඓතිහාසික ජයග්‍රහණ තුළින් පෙනෙන්නේ නොපසුබට උත්සහය සහ විනය තුළින් මොන තරම් දෙයක් කළ හැකිද යන්නයි“ යයිද සුපුන් වීරසිංහ මහතා පැවසීය.

යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල, ජාතික පැරා ක්‍රීඩා උළෙල හා ලෝක පැරාලිම්පික් ක්‍රීඩා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්  පූර්ණ අනුග්‍රහය ඩයලොග් සමාගම වෙතිනි.

 


අදහස් (0)

ශ්‍රී ලාංකිකයකුගේ මුල්ම ලෝක වාර්තාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.