Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට

editorial - 2021 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලෝක කුසලාන රෝද පුටු ටෙනිස් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම සමත් විය. ගාමිණී දිසානායක, ඩී.එස්.ආර්. ධර්මසේන සහ සුරේෂ් රණවීර මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරති.

පෘතුගාලයේදී පැවැත්වෙන මෙම තරගවෙලියේ දෙවැනි වටයේ තරගයකදී ක්‍රොඒෂියාවට එරෙහිව තරග වට 3-0 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමිකර ගත්තේය. එම තරග වටය කේවල තරග දෙකකින් සහ යුගල තරගයකින් සමන්විත විය.

පළමු කේවල තරගය වට 2-0 ක් ලෙස (6/0 සහ 6/2) ජයගැනීමට ගාමිණී දිසානායක සමත් වූ අතර දෙවැනි කේවල තරගය වට 2-0 ක් ලෙස (6/2 සහ 6/0) ජයගැනීමට ඩී.එස්.ආර්. ධර්මසේන සමත් විය. යුගළ තරගයේදී ධර්මසේන සහ සුරේෂ් රණවීර එක්ව වට 2-0 ක් ලෙස (6/0 සහ 6/0) තරගය ජයගත්හ.

ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ නවතම රෝද පුටු ටෙනිස් ශේණිගත කිරීම්වලට අනුව ඩී. ආර්. ධර්මසේන 62 වැනි ස්ථානයේ රැදී සිටින අතර ගාමිණී දිසානායක 82 වැනි ස්ථානයේ සිටී. සුරේෂ් රණවීර 101 වැනි ස්ථානයේ පසුවෙයි.

අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඊශ්‍රාලයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

ලෝකයේ ප්‍රධාන පෙළේ තරගාවලියක් වන ලෝක කුසලාන රෝද පුටු ටෙනිස් තරගාවලියට බී.එන්.පී. පරිබාස් බැංකුව අනුග්‍රහය දක්වයි.

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.