Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ටෙහානි - නිලූක - අනිකා හෙට තරග බිමේ

ටෙහානි - නිලූක - අනිකා හෙට තරග බිමේ

editorial - 2021 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන - ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංණයේ සිට)

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවන තරග ඉසව් තුනක් අද (24දා) පැවැත්වේ. ඒ අනුව ටෙහානි එගොඩවෙල සහභාගිවන වෙඩි තැබීමේ මීටර 10 වායුරයිෆල් ඉසව්ව ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 5.00ට (ජ.වේ. පෙ.ව. 8.30) පැවැත්වේ.

මෙවර ශ්‍රී ලංකා ඔලිම්පික් සංචිතයේ සිටින ළාබාලම ක්‍රීඩිකාව වන 17 හැවිරිදි අනිකා ගෆූර් තරග වදින මී. 100 සමනළ ආර පිහිනුම් ඉසව්ව ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.55 ට (ජ.වේ. පෙ.ව. 7.25) ආරම්භ වේ. මේ අතර බැඩ්මින්ටන් කේවල ඉසව්වට සහභාගිවන නිලූක කරුණාරත්නද ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30ට (ජ.වේ. 8.00) තරග වදිනු ලබයි. නිලුකගේ ප්‍රතිවාදියා චීන තායිපේ ක්‍රීඩක සූ වෙයි වැන් වන අතර, ඔහු වත්මන් ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවෙයි. නිලූක පසුවන්නේ එම ශ්‍රේණිගත කිරීම්හි 117 වැනි ස්ථානයේය.

 

ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය අද (23දා) ‍පැවැත්වෙද්දී, ක්‍රීඩාංගණය ඉදිරිපිට විථිපුරා දහස් සංඛ්‍යාත ජපාන වැසියෝ ක්‍රීඩා උළෙල පවත්වනවාට අකමැත්ත පළකර දැඩි විරෝධතාවක නිරත වූහ. වසර 56කට පසු (1964 පසු) ජපානයට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක සත්කාරකත්වය හිමි වූවත්, කෝවිඩ්-19 ව්‍යසනය හේතුවෙන් එය සැලසුම්කර තිබූ 2020 වසරේ පැවැත්වීමට නොහැකි විය.

ක්‍රීඩා උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් සිදුකළ ජනමත විචාරණයකින්ද එරට වැසියන්ගෙන් 70% කට වැඩි පිරිසක් ක්‍රීඩා උළෙල පවත්වනවාට විරෝධය දැක් වූහ. විශේෂයෙන් අඩසිය වසකටත් වැඩි කාලයකට පසු තමන්ට හිමි වූ අවස්ථාව සජීවීව නැරඹීමට නොහැකි වීමේ කණගාටුවද ජපාන වැසියන් සතුව තිබුණි.

ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට දින කිහිපයක් තිබියදී ජපන් වැසියෝ තරග ඉසව් නැරඹීම අවසර ඉල්ලා සිටියහ. කෙසේ නමුත් සියලු මහජන ගැවසීමී අවම කර, අභියෝග හා බාධාවන් රැසක් මැද ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට සංවිධායකයෝ කටයුතු කළහ.


අදහස් (0)

ටෙහානි - නිලූක - අනිකා හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.