Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අඛණ්ඩ පිහිනුම් සංචිතයක් ඕනෑ

අඛණ්ඩ පිහිනුම් සංචිතයක් ඕනෑ

editorial - 2021 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නිරෝධායන නීතිය යටතේ ශ්‍රී ලංකාවේ පිහිනුම් තටාක දිගින් දිගටම වසා තිබෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා කටයුතු පවත්වා ගෙන යාමට විශාල බාධාවක් වී ඇතැයි ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපතිධුරයට යළිත් නිතරගයෙන් පත්වූ  නේතෲ නානායක්කාර මහතා ලංකාදීපයට පැවසීය. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නව විධායක සභාව (2021-23) පැවැති නිලවරණයෙන් තෝරා පත් කර ගැනීමෙන් පසුව ඔහු ‘ලංකාදීප’යට වැඩිදුරටත් පැවසුවේ පිහිනුම් තටාක විවෘත කෙරෙන තෙක් ජල ක්‍රීඩා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීම  දුෂ්කර වී තිබෙන බවයි.

ජාත්‍යන්තර තරග පැවැත්වෙන අවස්ථාවල දී පමණක් ක්‍රියාත්මක කළ ජාතික පිහිනුම් සංචිත වෙනුවට මෙතැන් පටන් ස්ථාවර ජාතික  පිහිනුම් සංචිතයක් අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ඉදිරියේදී සැලසුම් සකස් කරන බවත් ඔහු එහිදී පැවසීය.

නව සභාපති නේතෲ නානායක්කාර මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. ඔහු එහි පිහිනුම් හා ජල පන්දු (වෝටර් පෝලෝ) ක්‍රීඩා කණ්ඩායමේ නායකත්වයද දරා තිබේ.
පසුව ජල පන්දු ක්‍රීඩකයෙකු ලෙස ජාතික තලයේ දස්කම් දක්වා තිබේ. 

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ පසුගිය විධායක සභාවේ ද ප්‍රධානියා ලෙස කටයුතු කළ නේතෲ නානායක්කාර මහතා තවදුටත් මුහුණ දී සිටින ගැටලුව වන්නේ අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමය තවදුරටත් පිළිගන්නේ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා වීමය. කෙසේ වුවත් ඔහු මෙවර විධායක සභාවට ඇතුළත් කර ගැනීමට නේතෲ නානායක්කාර මහතා සමත්ව සිටියි. 

අසංග රන්ජන් වරුසවිතාණ මහතා ජල ක්‍රීඩා සංගමයේ විධායක සභාවේ නව ලේකම්වරයායි.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නව විධායක සභාව 
සභාපති - නේතෲ නානායක්කාර මහතා
ලේකම් - අසංග රංජන් වරුසවිතාණ
භාණ්ඩාගාරික - සංජීව අබේසිංහ මහතා
උප සභාපතිවරු - චූලසිරි හෙට්ටිගේ, බී.ඩී.ඊ. සී. බැද්දලියනගේ, චමින්ද බමුණුආරච්චි,  මානද  යහම්පත් සහ අචල ද සිල්වා යන මහත්වරු
උප ලේකම්:- දර්ශන චතුරාන් ඩයස් මහතා
උප භාණ්ඩාගාරික :- සුමුදු සුපුන් ලියනගේ මහත්මිය.
(විධායක කමිටු සාමාජිකයෝ)- මහින්ද ලියනගේ, සම්පත් සුමනසිරි, ඒ.එස්.ඒ.ඩී. දයානන්ද, සුසිල් රාමනායක, ශ්‍රියා කංකානි පත්මසිරි යන මහත්වරු


අදහස් (0)

අඛණ්ඩ පිහිනුම් සංචිතයක් ඕනෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.