Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 5 යි ලෝකඩ 8 යි
දකුණු ආසියානු යොවුන් මේසපන්දු

ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 5 යි ලෝකඩ 8 යි

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලියේදී රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. අවරුදු 19 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ යටතේ පැවැති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 14 දෙනෙක් සහභාගි වූහ.

එහිදී වයස 19 න් පහළ බාලක කණ්ඩායම්, වයස 19 න් පහළ බාලිකා කණ්ඩායම්, වයස 15 න් පහළ බාලක කණ්ඩායම්, වයස 15 න් පහළ බාලිකා කණ්ඩායම් සහ වයස 15 න් පහළ මිශ්‍ර යුගල යන ඉසව්වලදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් හිමිවිය.

වයස 15 න් පහළ බාලක සහ බාලික කණ්ඩායම් ඉසව්වලදී මෙන්ම වයස 19 න් පහළ බාලිකා කණ්ඩායම් ඉසව්වේදීද ඉන්දියාව හමුවේ පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම්වලින් සෑහීමකට පත්වීමට සිදුවිය. එහෙත් වයස 19 න් පහළ බාලක ඉසව්වේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවූයේ නේපාලය හමුවේ පරාජය වීම හේතුවෙනි. එම ඉසව්ව සඳහා ඉන්දීය කණ්ඩායමක් සහභාගි නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එහි රන් පදක්කම දිනාගැනීමට අනගි අවස්ථාවක් තිබිණ.

කේවල සහ යුගල ඉසව් කිහිපයකදීම ඉන්දියාව හමුවේ පමණක් නොව නේපාලය, මාලදිවයින සහ බංග්ලාදේශය හමුවේද පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රන් සහ රිදී පදක්කම් කරා යෑමට තිබූ අවස්ථාවන් මඟහැරී ගියේය. වයස 19 න් පහළ බාලක යුගල, 19 න් පහළ බාලක කේවල සහ 19 න් පහළ බාලිකා කේවල යන ඉසව්වලදී ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් හිමි නොවීය.  

තරගාවලිය ඉන්දියාවේදී පැවැති නිසා ඊට පාකිස්තානය සහභාගි නොවූ අතර ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව හැරුණුකොට බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින යන රටවල් තරගාවලියට එක්ව සිටියහ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චතුර දුෂාන් මහතාද, සහාය පුහුණුකරු ලෙස බුධසිරි විතානාරච්චි මහතාද, කලමණාකරු ලෙස චන්දන ශ්‍රීනාත් මහතාද කටයුතු කළේය.


පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

වයස 15 න් පහළ මිශ්‍ර යුගල
රිදී පදක්කම - මොහොමඩ් අක්‍රම් සහ තමාදි කාවින්ද්‍යා

වයස 15 න් පහළ බාලක කණ්ඩායම්
රිදී පදක්කම - මොහොමඩ් අක්‍රම්, ජනිත් මිහිලක සහ හරීන් ද සොයිසා

වයස 15 න් පහළ බාලිකා කණ්ඩායම්
රිදී පදක්කම - තමාදි කාවින්ද්‍යා, ශමල්ෂා දෙව්මි සහ සඳින්ති ජයසිංහ

වයස 19 න් පහළ බාලක කණ්ඩායම්
රිදී පදක්කම - තිසුම් උදයංග, ගෙසඳු පීරිස්, විනුක ගුණවර්ධන සහ රෙහාන් ඩැනියෙල්

වයස 19 න් පහළ බාලිකා කණ්ඩායම්
රිදී පදක්කම - දිව්‍යා ධාරනී, ලෙසන්‍යා සිතුම්දි, නදිති රෙහන්සා සහ නවින්දි ධනුෂ්කා  

වයස 15 න් පහළ බාලක කේවල
ලෝකඩ පදක්කම - ජනිත් මිහිලක
ලෝකඩ පදක්කම - මොහොමඩ් අක්‍රම්

වයස 15 න් පහළ බාලිකා කේවල
ලෝකඩ පදක්කම - තමාදි කාවින්ද්‍යා
ලෝකඩ පදක්කම - ශමල්ෂා දෙව්මි

වයස 15 න් පහළ බාලක කේවල
ලෝකඩ පදක්කම - ජනිත් මිහිලක සහ මොහොමඩ් අක්‍රම්

වයස 15 න් පහළ බාලිකා කේවල
ලෝකඩ පදක්කම - තමාදි කාවින්ද්‍යා සහ ශමල්ෂා දෙව්මි

වයස 19 න් පහළ බාලිකා යුගල
ලෝකඩ පදක්කම - දිව්‍යා ධාරනී සහ ලෙසන්‍යා සිතුම්දි

වයස 19 න් පහළ මිශ්‍ර යුගල
ලෝකඩ පදක්කම - තිසුම් උදයංග සහ දිව්‍යා ධාරනී

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 5 යි ලෝකඩ 8 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.