Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කබඩි ක්‍රීඩාවට කෝටි 4 ක්

කබඩි ක්‍රීඩාවට කෝටි 4 ක්

editorial - 2021 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දේශීය කබඩි ක්‍රීඩාවේ උන්නතිය සඳහා රුපියල් මිලියන 41 කට වැඩි (41800000) මුදලක් ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනයට ප්‍රදානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මහේල ජයවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ මත ඉහත මුදල අනුමත කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පියවර ගැනීමත් සමග මෙරට කබඩි ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා මෙම මුදල කොටස් වශයෙන් යෙද වේ.

කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා ලංකාදීපයට පැවසුවේ මෙම අනුග්‍රහය තුළින් සිය සම්මේලනය ප්‍රධාන වශයෙන් මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා මඟ හැරීයාමෙන් ඉදිරියේදී කබඩි ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ කෙරෙහි වඩාත් විශ්වාසය රඳවා කටයුතු කිරීමේ හැකියාව ලැබී තිබෙන බවයි.

ඒ යටතේ කොවිඩ් වසංගතය හේතුවෙන් දැනට අඩපනව පවතින දේශීය කබඩි ක්‍රියාකාරකම් වහාම පණගැන්වීමට කටයුතු කරන බවත් එහි මූලාරම්භය ලෙස ජාතික කබඩි සංචිත යළිත් ස්ථාපිත කිරීමටත් අන්තර් ජාතික කබඩි පුහුණුකරුවකුගේ සේවය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

- 223


අදහස් (0)

කබඩි ක්‍රීඩාවට කෝටි 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.