Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යසිත - සවිනි කේවල ශූරතා දිනති
කොළඹ ටෙනිස් ශූරතාවලිය - 2022

යසිත - සවිනි කේවල ශූරතා දිනති

editorial - 2022 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 107 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ටෙනිස් ශූරතාවලියේ පිරිමි සහ කාන්තා කේවල ශූරතා දිනාගැනීමට යසිද ද සිල්වා සහ සවිනි ජයසූරිය සමත් වූහ.

අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස ටෙහාන් විජේමාන්න පරාජය කරමින් යසිත පිරිමි කේවල ශූරතාවට හිමිකම් කී අතර සවිනි කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස සාජිඩා රාසික් පරාජය කරමිනි.

පිරිම් කේවල ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/3, 6/4) ලෙස ලූකා නීස් පරාජය කරමින් යසිත අවසන් මහ තරගයට පිවිසියේය. අබාධයකට ලක්වීම හේතුවෙන් දිනේෂ්කාන්තන් තංගරාජා දෙවැනි අවසන් පූර්ව තරගය අතරතුර (7/6, 3/3) ඉන් ඉවත්වීමත් සමග ටෙහාන්ට අවසන් මහ තරගයට පිවිසීමේ වරම් හිමිවිය.

කාන්තා කේවල ඉසව්වේ අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් (6/2, 6/3) ලෙස දිනෙත්‍යා ධර්මරත්න පරාජය කරමින් සාජිඩාද, තරග වට 2-0 ක් (6/1, 6/4) ලෙස විෂ්මි ඔනේත්‍රා පරාජය කරමින් සවිනිද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.


තරග ප්‍රතිඵල
පිරිමි කේවල
■ යසිත ද සිල්වා විසින් තරග වට 2-1 ක් ලෙස ටෙහාන් විජේමාන්න පරාජය කරන ලදී. (2/6, 6/3, 7/5)

කාන්තා කේවල  
■ සවිනි ජයසූරිය විසින් තරග වට 2-0 ක් ලෙස සාජිඩා රාසික් පරාජය කරන ලදී. (6/2, 6/2)

 


අදහස් (0)

යසිත - සවිනි කේවල ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.