Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මැටිල්ඩා ඔලිම්පික් කඩුල්ල පැනගනී

මැටිල්ඩා ඔලිම්පික් කඩුල්ල පැනගනී

editorial - 2021 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


-------------------
නාමල් පතිරගේ
-------------------

ජිනීවාහි ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලයට ඉදිරිපත් කළ අභියාචනය ජයගත් මැටිල්ඩා කාල්සන් අසුන් පැන්නවීමේ (කාන්තා) ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගත්තාය. මෙම වසරේ ජුලි 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා, ජපානයේ ‘ටෝකියෝ’ නුවර දී  පැවැත්වෙන ඔලිම්පික් උළෙල (2020) සඳහා ශ්‍රී ලංකාවෙන් නියමිත සුදුසුකම් සහිතව නිර්දේශ ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ මැටිල්ඩා කාල්සන්ය.

අභියාචනය ජයගත් 36 හැවිරිදි මැටිල්ඩා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී යුරෝ මිලියන 6.5ක් තරම් වටිනා සිය අසු මෙහෙයවමින් අසුන් පැන්නවීමේ (කාන්තා) ඉසව්වට සහභාගිවීමට සූදානම්ව සිටියි.

අන්තර් ජාතික තුරඟ ක්‍රීඩා සම්මේලනයට ඇය පළමුව ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේපවීමෙන් පසුව ඇය තවත් අභියාචනයක් ජිනීවා ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලයට ඉදිරිපත් කරමින් එය ජය ගැනීමට සමත් වූවාය.

මැටිල්ඩා ශ්‍රී ලංකාවේ උපන් අයකු වූවත්, කුඩා කාලයේ පටන් ස්වීඩනයේ හැදී වැඩී එහි පුරවැසි බව ලබාගත් කාන්තාවකි. ඇය අභියාචනයක් ජය ගනිමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලට නැවත නිර්දේශ ලබා ගැනීමේ ආසන්නතම කතා පුවතට පසුබිම වන්නේ සුදුසුකම් ලබාගත් බව ප්‍රකාශ වූ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නිර්දේශ ලේඛනයෙන් ඉවත් කළ බවට පසුව නිවේදනය වීමයි.  අන්තර්ජාතික තුරඟ ක්‍රීඩා තරගාවලි කීපයකදී ඇය රැස් කළ ප්‍රසාද ලකුණු පසුව ඉවත් කිරීමට අන්තර් ජාතික සම්මේලනය ගත් තීරණයක් ඊට හේතුවිය.

ශ්‍රී ලංකා තුරඟ තරග ක්‍රීඩා සම්මේලනයේ සභාපති සුරංජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධීකරණයෙන් මැටිල්ඩා අන්තර්ජාතික තුරඟ ක්‍රීඩා සම්මේලනයට ගොනු කළ අභියාචනය ප්‍රතික්ෂේප විය. එහෙත් එයින් සෑහීමට පත් නොවූ ශ්‍රී ලංකාවේ පාර්ශ්ව ජිනීවාහි ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලයට ගොනු කළ ප්‍රතිඅභියාචනය ජය ගැනීම නිසා මැටිල්ඩාට යළිත් ‘ටෝකියෝ’ ඔලිම්පික් වරම් හිමිවිය.

‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙලට තමා නිර්දේශ කර ගත් බව පළමු අවස්ථාවේ ප්‍රකාශවීමෙන් පසුව මැටිල්ඩා ඉකුත් වසරේ (2020) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින් ජනවාරි 9 වැනිදා ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානින්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවකට ද සහභාගි වූවාය.

 


අදහස් (0)

මැටිල්ඩා ඔලිම්පික් කඩුල්ල පැනගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.