Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මහේෂ් - සමිතා පැරා ඔරු පැදීමේ ජාතික ශූරතා දිනති
පැරා ඔරු පැදීම

මහේෂ් - සමිතා පැරා ඔරු පැදීමේ ජාතික ශූරතා දිනති

editorial - 2021 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පැරා ඔරු පැදීමේ ඉසව්වේ ආසියානු පදක්කම් ලාභීන් වන මහේෂ් ජයකොඩි සහ සමිතා සමන්මලී මෙවර (2021) ජාතික පැරා ඔරුපැදීමේ තරගාවලියේ පී.ආර්. 1 කාණ්ඩයේ රන් පදක්කම් දිනාගැනීමට සමත් වූහ. අත් සහ උරහිස පමණක් භාවිතා කරමින් ක‍්‍රීඩා කළ හැකි පුද්ගලයන් තරගවදින කාණ්ඩය පී.ආර්. 1 කාණ්ඩය ලෙස හැඳින්වේ.

ජාතික පැරාලිම්පික් කමිටුවට අනුබද්ධිත ශ‍්‍රී ලංකා පැරා ඔරු පැදීමේ සංගමය විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ ගෘහස්ත ඔරු පැදීමේ තරගාවලිය ඉකුත් සෙනසුරාදා (20 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයේදී පැවැත්විණ.

ඒ සඳහා විවිධ පළාත් නියෝජනය කරමින් විවිධ ක‍්‍රීඩා සංගම්වලින් අත් සහ උරහිස පමණක් භාවිතා කරන කී‍්‍රඩක ක‍්‍රිඩිකාවෝ 70 දෙනෙකු පමණ සහභාගී වූහ. එම ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් ඔවුන්ගේ අවශ්‍යතා ස්වභාවය පදනම් කරගනිමින් පී.ආර්. 1, පී.ආර්. 2 සහ පී.ආර්. 3 ලෙස කාණ්ඩ තුනකට වර්ගීකරණය කරනු ලැබිණ.

ජාතික තරගාවලියේදී අත්, උරහිස් සහ කඳ භාවිතා කරමින් ක‍්‍රීඩා කළ හැකි පුද්ගලයන් තරග වැදුණ පී.ආර්. 2 කාණ්ඩයේ පිරිමි සහ කාන්තා අංශවල රන් පදක්කම් දිනාගැනීමට කේ.පී.අයි. දමිත් සහ ඉමල්ශා චන්චලී සමත් වූහ.

එහි අත්, උරහිස්, කඳ සහ එක පාදයක් භාවිතා කරමින් ක‍්‍රීඩා කළ හැකි පුද්ගලයන් තරග වැදුණ පී.ආර්. 3 කාණ්ඩයේ පිරිමි අංශයේදී සම කාලයන් වාර්තා කළ එන්.පී.ඒ. නිශ්ෂංක සහ ඒ.එම්.පී.කේ. අත්තනායක එහි රන් පදක්කම් දිනාගත්හ. පී.ආර්. 3 කාණ්ඩයේ කාන්තා අංශයේ රන් පදක්කම දිනාගනු ලැබුවේ නිලූකා දමයන්ති විසිනි.

ජලයේ ඔරු පැදීමේදී භාවිතා කරන චලනයන්ට අනුරුපීව ක‍්‍රියා කරන යන්ත‍්‍රයක් මෙම තරගාවලියේදී භාවිතා කෙරිණ. ඔරු පැදීමෙන් මීටර් 2000 ක දුරක් අවසන් කිරීමට ගතවන කාලය මත එම යන්ත‍්‍රය භාවිතා කරමින් තරගකරුවන්ගේ ජය පරාජයන් තීරණය කරනු ලැබිණ. ගෘහස්ත පැරා ඔරු පැදීමේ අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාවේදී පවත්වනු ලැබූ පළමු තරගාවලිය මෙය විය.   

තරගාවලියේ ආරාධිත අමුත්තන් ලෙස ජාතික පැරලිම්පික් කමිටුවේ වත්මන් සභාපති ලූතිනන් කර්නල් හේරත්, ලේකම් බි‍්‍රගේඩියර් බන්දුල බණ්ඩාර සහ හිටපු සභාපති මේජර් ජනරාල් රාජිත අම්පෙමොහොට්ටි යන මහත්වරු සහභාගි වූහ.

 


 
-036

 


අදහස් (0)

මහේෂ් - සමිතා පැරා ඔරු පැදීමේ ජාතික ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.