Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බංගා බන්දු කුසලාන තරගාවලියට යති

බංගා බන්දු කුසලාන තරගාවලියට යති

editorial - 2023 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංගාබන්දු තරග සංචාරයට සහභාගිවන ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම...

(නාමල් පතිරගේ)

බංග්ලාදේශයේ ඩකා නුවර දී ඊයේ (12) ආරම්භ වූ බංගා බන්දු කුසලාන අන්තර්ජාතික කබඩි (පිරිමි) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය. මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර තරගාවලියේ විශේෂත්වය 12ක් දක්වා රටවල් සහභාගිත්වය ඉහළ දැමීමයි.

ඒ සඳහා පළමු වතාවට යුරෝපයේ රටවල් දෙකක් වන එංගලන්තය හා පෝලන්තය ද අප්‍රිකානු රාජ්‍යයක් වන කෙන්යාව ද සහභාගි වේ.

‘ඩුබායි’ නුවරදී ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට අපේක්‍ෂිත ලෝක කබඩි ශූරතාවලියට ආසියානු කලාපයෙන් රටවල් හතරක් නිර්දේශ ලබා ගැනීම නිසා මෙවර බංගාබන්දු තරගාවලියට වැඩි වටිනාකමක් ලැබී තිබේ.

තරග සංචාරයේ බරපැන සඳහා ශ්‍රී ලංකා කබඩි සම්මේලනය මැදිහත්ව සිටින අතර ජාතික කබඩි (පිරිමි) සංචිතයේ පෙර පුහුණුවීම් සඳහා නේවාසිකාගාර හා ආහාර පාන ලබාදීමෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහය අනුග්‍රහයක් දරා තිබේ.

පසුගිය වසරේ බංගාබන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවට තෙවනි ස්ථානය හිමිවිය.

මෙවරටත් ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩකයන් නොමැතිව සංචාරය සූදානම් කළ බව කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පවසයි.
ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සමග මත ගැටුම් ඇති කර ගත් යුද, ගුවන් හා නාවික හමුදාවලට අයත් කබඩි ක්‍රීඩා සමාජ මේ වන විට කබඩි සම්මේලනයේ තහනමට ලක්ව තිබේ. කබඩි සම්මේලනයට විරෝධය පාමින් එම ක්‍රීඩා සමාජ ජාතික කබඩි සංචිතවල (කාන්තා හා පිරිමි) සිටි ක්‍රීඩක ක්‍රිඩීකාවන් ඉවත් කර ගෙන මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් ලංවෙමින් පවති.

මෙවර තරගාවලියට සහභාගිවන රටවල් ගණන ඉහළ යාමත් හා එයින් කීපයක්ම ප්‍රබලතම දස්කම් දක්වන රටවල් වන බැවින් ද තරගාවලියේ මුල්පෙලේ ස්ථානයක් ලැබීම ශ්‍රී ලංකාවට ප්‍රබලතම අභියෝගයක් බවට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පවසයි.

ඉන්දිය වෘත්තීය ලීග් කබඩි තරගාවලියට (2022) හා බංග්ලාදේශයේ දෙවනි පෙළ ක්‍රීඩා සමාජ තරගාවලියට ක්‍රීඩා කළ එම්.ටී. අස්ලාම් සාජා මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි. තරග (කාල සටහන) නිකුත් කිරීම ඊයේ (12) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබුණි.


බංගා බන්දු කුසලාන  කබඩි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
අස්ලාම් සාජා (නායක) අෂාන් මිහිරංග, ඒ. මොහොමන්රාජ්, දුලාන් මධුවන්ත, මොහොමඩ් සබිහාන් මොහොමඩ් නෆ්රිස්, උසිත සංජය කුමාර, එම්.පී.එස්. ජයවික්‍රම, වසන්ත පෙරේරා, ලක්ෂාන් වික්‍රමආරච්චි ආර්. බෙන්සි. සහ නිරෝධ පතිරණ
නිලධාරින්
එන්.එච්. සෙල්ලහෙවා (පුහුණුකරු), බී. මුකුන්දන් (තාක්‍ෂණ නිලධාරි), ඉන්දාතිස්ස දේදුණුපිටිය (කළමනාකරු), ඩබ්. කපිලරුවන් (සම්බාහක) යන මහත්වරු.

 


අදහස් (0)

බංගා බන්දු කුසලාන තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.