Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports හැමිල්ටන් - වර්ස්ටපන් අනතුරක

හැමිල්ටන් - වර්ස්ටපන් අනතුරක

editorial - 2021 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේ (2021) ෆෝමියුලා-I ලෝක ශූරතාව හඹායන ක්‍රීඩකයන් අතර කරට කර සටනක නිරතව සිටින බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන්ට සහ නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ට‍පන්ට ඉතාලි ගෝන් ප්‍රී තරගයේදී සිදුවූ අනතුරක් හේතුවෙන් තරගය නිමා කිරීමට නොහැකි විය. එම අනතුරෙන් නිසි ඵල නෙලාගත් ඕස්ට්‍රේලියාවේ ඩැනියෙල් රිකාඩෝ ඉතාලි ගෝන් ප්‍රී තරගය ජයගනිමින් මෙවර තරග වාරයේදී සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේය.

වට 53 කින් සමන්විත වූ එම තරගය ජයගැනීම සඳහා මැක්ලරන් මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරන රිකාඩෝට පැය 1 යි, විනාඩි 21 යි, තත්ත්පර 54.365 ක කාලයක් ගත විය‍. රිකාඩෝගේ කණ්ඩායම් සගයා වන ලැන්ඩෝ නෙ‍ාරිස් එහි දෙවැනි ස්ථානයට පත්වූයේ ඔහුට වඩා තත්ත්පර 1.747 ක් පසුපසින් තරගය අවසන් කරමිනි. පළමු සහ දෙවැනි ස්ථාන දිනාගැනීම වෙනුවෙන් ඔවුන් දෙදෙනාට පිළිවෙලින් ලකුණු 26 ක් සහ 18 ක් බැගින් හිමිවිය.

 තරගයේ 25 වැනි වටයේදී වර්ස්ටපන්ගේ රථය සහ හැමිල්ටන්ගේ රථය එකිනෙක ගැටුණ අතර එම අනතුර හේතුවෙන් ඔවුන් දෙදෙනාටම යළිත් තරගයට අවතීර්ණ වීමට නොහැකි විය. රථ දෙක එක්නෙක ගැටීමත් සමග වර්ස්ටපන්ගේ රථයේ පසුපස කොටස හැමිල්ටන්ගේ රථයේ ඉදිරි පස මතට පතිවූ නමුත්, හිස ආවරණ හේතුවෙන් හැමිල්ටන්ට කිසිදු අනතුරක් සිදු නොවීය.

ඉතාලි ගෝන් ප්‍රී තරගය නිමා කිරීමට නොහැකි වුවද, තවදුරටත් ක්‍රීඩක ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කරගැනීමට රෙඩ් බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ වර්ස්ටපන් (ලකුණු 226.5) සමත්ව සිටියි‍. ඔහුට වඩා ලකුණු 5 ක් පසුපසින් සිටින මර්සිඩීස් කණ්ඩායමේ හැමිල්ටන් (ලකුණු 221.5) එහි දෙවැනි ස්ථානයේ පසුවේ.

කෙසේ වුවත් අනතුර සම්බන්ධයෙන් වැරදිකුරු වූ වර්ස්ටපන්, මීළඟ තරගයේදී ආරම්භක ස්ථාන 3 ක් පසුපසට ඇද දැමීමේ දඬුවමකට ලක්කිරීමට තරග තීරක වරයා පියවර ගත්තේය.

ඒ අනුව තවත් සති දෙකකට පසුව පැවැත්වෙන රුසියානු ගෝන් ප්‍රී තරගයේ කාල ගණනයට අනුව වර්ස්ටපන් හිමිකර ගන්නා ආරම්භක ස්ථනයෙන් තවත් ස්ථාන 3 ක් පසුපසින් සිටිමින් ඔහුට එම තරගය ආරම්භ කිරීමට සිදුවනු ඇත‍. වර්ස්ටපන්ට එවන් දඬුවමක් හිමිවුවද, අනතුරෙන් දැඩි අලාභ හානි සිදුවූ හැමිල්ටන්ට කිසිදු වාසියක් ද හිමි නොවීය.


ඉතාලි ගෝන් ප්‍රී තරගයේ ප්‍රතිඵල
1 ඩැනියෙල් රිකාඩෝ (මැක්ලරන්-මර්සිඩීස්) - පැය 1:21:54.365
2 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන්-මර්සිඩීස්) - පැය 1:21:56.112
3 වෙල්ටරි බොටාස් (මර්සිඩීස්) - පැය 1:21:59.286
4 චාල්ස් ලැක්ලර්ක් (ෆෙරාරි) - පැය 1:22:01.674
5 සර්ගියෝ පෙරේස් (රෙඩ්බුල් රේසිං-හොණ්ඩා) - පැය 1:22:03.088
6 කාර්ලෝස් සේන්ස් (ෆෙරාරි) - පැය 1:22:04.900
7 ලාන්ස් ස්ට්‍රෝල් (ඇස්ටන් මාටින්-මර්සිඩීස්) -  පැය 1:22:10.169
8 ෆර්නෑන්ඩෝ ඇලන්සෝ (ඇල්ෆයින්-රෙනොල්ට්) - පැය 1:22:11.566
9 ජෝර්ජ් රසල් (විලියම්ස්-මර්සිඩීස්) - පැය 1:22:14.107
10 එස්ටෙබන් ඕකන් (ඇල්ෆයින්-රෙනෝල්ට්) - පැය 1:22:15.233

ඩැනියෙල් රිකාඩෝ...

-036


අදහස් (0)

හැමිල්ටන් - වර්ස්ටපන් අනතුරක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.