Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ලැක්ලර්ක් සමග ෆෙරාරි තවමත් පෙරමුණේ

ලැක්ලර්ක් සමග ෆෙරාරි තවමත් පෙරමුණේ

editorial - 2022 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේ (2022) ෆෝමියුලා-I තරග මාලාවේ තරග 3 ක් අවසන් වන විට ශූරතා 2 ක් සහ අනු ශූරතාවක් සමග ලකුණු 71 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලැක්ලර්ක් සමත්ව සිටියි. බහරේන් සහ ඔස්ට්‍රියානු ගෝන් ප්‍රී තරගවල ශූරතාව දිනාගත් ඔහු සෞදි අරාබි ගෝන් ප්‍රී තරගයේ අනු ශූරයා බවට පත්විය.

තරග මාලාවේ සිවුවැනි ගෝන් ප්‍රී තරගය කිලෝ මීටර් 4.909 ක දුරකින් සමන්විත ඉමෝලා ධාවන පථයේදී මෙම මස 24 වැනිදා පැවැත්වේ. එම තරගයට සහභාගි වන ක්‍රීඩකයන් සඳහා 22 වැනිදා පුහුණු අදියර දෙකක් පැවැත්වෙන අතර තෙවැනි පුහුණු අදියර සහ සුදුසුකම් ලබාගැනීමේ අදියර (තරග ආරම්භක ස්ථාන සඳහා පැවැත්වෙන කාල ගණනය) 23 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම මස 8 වැනිදා අවසන් වරට පැවැති ඔස්ටි්‍රයානු ගෝන් ප්‍රී තරගය ජය ගැනීමට ලැක්ලර්ක් සමත් වූයේ පැය 1 යි, විනාඩි 27 යි, තත්පර 46.548 ක කාලයක් වාර්තා කරමිනි. ඔහුට වඩා තත්පර 20.524 ක් පසුපසින් තරගය නිමා කළ රෙඩ්බුල් රේසිං කණ්ඩායමේ සර්ගියෝ පෙරේස් එහි දෙවැනි ස්ථානයටද, තත්පර 25.593 ක් පසුපසින් තරගය නිමා කළ මර්සිඩීස් කණ්ඩායමේ ජෝජ් රසල් තෙවැනි ස්ථානයටද පත්වූහ.

චාල්ස් ලැක්ලර්ක් සහ කාර්ලෝස් සේන්ස් නියෝජනය කරන ෆෙරාරි කණ්ඩායම තරග 3 ක් අවසානයේ ලකුණු 104 ක් ලබා කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණේ පසුවේ. ලුවිස් හැමිල්ටන් සහ ජොජ් රසල් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම ලකුණු 65 ක් සමග ශ්‍රේණිගතකිරීම්හි දෙවැනි ස්ථානයේද, මැක්ස් වර්ස්ටපන් සහ සර්ගියෝ පෙරේස් නියෝජනය කරන රෙඩ්බුල් රේසිං කණ්ඩායම ලකුණු 55 ක් සමග එහි තෙවැනි ස්ථානයේද රැදීසිටිති.
 
මෙම තරගයෙන් අනතුරුව ඇමරිකානු ගෝන් ප්‍රී තරගාවලිය මැයි මස 8 වැන්දා ෆ්ලොරිඩාහි මියාමි ධාවන පථයේදී පැවැත්වේ. ස්පාඤ්ඤ (22 වැනිදා) සහ මොනාකෝ (29 වැනිදා) ගෝන් ප්‍රී තරගද මැයි මාසයේදීම පැවැත්වෙන අතර අසර්බයිජාන් (12 වැනිදා) සහ කැනඩා (19 වැනිදා) ගෝන් ප්‍රී තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි මාසයේදීය.


-036

 


අදහස් (0)

ලැක්ලර්ක් සමග ෆෙරාරි තවමත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.