Last Update  :  About Contact
IMG-LOGO

Live Updates

ආසියානු කුසලාන ඉන්දියාවට

- 2024 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සජීවි තොරතුරු සැපයීම - ශානුක අරවින්ද


07:12 PM

අවසන් තරගයේ වීරයා ලෙස ලකුණු 21 කට කඩුලු 6 ක් දවාගත් මොහොමඩ් සිරාජ්ද, තරගාවලියේ වීරයා ලෙස තරගාවලිය පුරා කඩුලු 9 ක් දවාගත් කුල්දීප් යාදව්ද සම්මාන දිනාගනිති.
 

06:10 PM ඕවර 6.1 කදී කිසිවකු නොදැවී ජයග්‍රාහී ඉලක්කය සපුරාගත් ඉන්දීය ක්‍රීඩකයෝ 8 වැනි වරටත් ආසියානු කුසලාන තමන් සතුකර ගනිති.  මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට 7 වැනි වරටත් අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවෙයි.  

06:07 PM

ඉන්දියාව ඕවර 6.1 කදී - 51/0

(‍1)

ඉෂාන් කිෂන් 23, ශුබ්මන් ගිල් 27, ‍චරිත් අසලංක 0.1-0-01-0

06:06 PM

හත්වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක චරිත් අසලංක කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඉෂාන් කිෂන් සූදානම්.

06:05 PM

ඉන්දියාව ඕවර 6 කදී - 50/0

(‍0-1-0-0-0-4)

ඉෂාන් කිෂන් 22, ශුබ්මන් ගිල් 27, ‍දුනිත් වෙල්ලාලගේ 2-0-07-0

06:03 PM

ඉන්දියාව ඕවර 5 කදී - 45/0

(‍4-0-2-1-0-4)

ඉෂාන් කිෂන් 21, ශුබ්මන් ගිල් 23, ‍මතීෂ පතිරණ 2-0-21-0

05:58 PM

ඉන්දියාව ඕවර 4 කදී - 34/0

(‍1-1-0-0-0-0)

ඉෂාන් කිෂන් 14, ශුබ්මන් ගිල් 19, ‍දුනිත් වෙල්ලාලගේ 1-0-02-0

05:57 PM

සිවුවැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ශුබ්මන් ගිල් සූදානම්.

05:56 PM

ඉන්දියාව ඕවර 3 කදී - 32/0

(‍1-Lb1-4-4-4-1)

ඉෂාන් කිෂන් 13, ශුබ්මන් ගිල් 18, ‍ප්‍රමෝද් මධුෂාන් 2-0-21-0

05:55 PM

ඉන්දියාව ඕවර 2 කදී - 17/0

(‍0-2-0-4-4-0)

ඉෂාන් කිෂන් 13, ශුබ්මන් ගිල් 04, ‍මතීෂ පතිරණ 1-0-10-0

05:48 PM

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඉෂාන් කිෂන් සූදානම්.

05:44 PM

ඉන්දියාව ඕවර 1 කදී - 07/0

(‍0-0-3-0-0-4)

ඉෂාන් කිෂන් 03, ශුබ්මන් ගිල් 04, ‍ප්‍රමෝද් මධුෂාන් 1-0-07-0

05:38 PM

ඉන්දීය ඉනිම ආරම්භ කිරීම සඳහා ආරම්භක පිතිකරුවන් ලෙස ඉෂාන් කිෂන් සහ ශුබ්මල් ගිල් පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් කැඳවයි.

05:37 PM

නායක දසුන් ශානකද සමග ශ්‍රී ලංකා පිතිකරුවන් 5 දෙ‍නකුම ලකුණු නොලබා දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 34 කදී ලකුණු 17 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

05:18 PM

ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 51 ක පහසු ඉලක්කයක් හිමිවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගයකදී දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක් වෙයි.

05:15 PM

ශ්‍රී ලංකාව ඕවර 15.2 කදී - 50/10 

(W-W)

දුෂාන් හේමන්ත නොදැවී 13, හර්දීක් පාණ්ඩ්‍යා 2.2-0-03-3

05:11 PM

හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි ඉෂාන් කිෂන් අතට උඩ පන්දුවක් දෙමින් මතීෂ පතිරණ ලකුණු නොලබා දැවී යයි.

05:10 PM

11 වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු මතීෂ පතිරණ පිටියිට පිවිසෙයි. පන්දු යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා සූදානම්.

05:08 PM

හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි විරාට් කෝලි අතට උඩ පන්දුවක් දෙමින් ප්‍රමෝද් මධුෂාන් එක් ලකුණකට දැවී යයි.

05:06 PM

ශ්‍රී ලංකාව ඕවර 15 කදී - 50/8

(1-0-0-0-0-0)

දුෂාන් හේමන්ත 13, ප්‍රමෝද් මධුෂාන් 01, කුල්දීප් යාදව් 1-0-01-0

05:06 PM

15 වැනි ඕවරය යැවීම සඳහා චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ප්‍රමෝද් මධුෂාන් සූදානම්.

05:05 PM

ශ්‍රී ලංකාව ඕවර 14 කදී - 49/8

(Wd-0-6-1-Lb1-0-0)

දුෂාන් හේමන්ත 13, ප්‍රමෝද් මධුෂාන් 00, මොහොමඩ් සිරාජ් 7-1-21-6

04:57 PM

ශ්‍රී ලංකාව ඕවර 13 කදී - 40/8

(0-1-W-0-0-0)

දුෂාන් හේමන්ත 06, ප්‍රමෝද් මධුෂාන් 00, හර්දීක් පාණ්ඩ්‍යා 2-0-03-1

04:53 PM

10 වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු ප්‍රමෝද් මධුෂාන් පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා සූදානම්.

04:52 PM

හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලෝකේෂ් රාහුල් අත‍ට උඩ පන්දුවක් දෙමින් දුනිත් වෙල්ලාලගේ ලකුණු 8 කට දැවී යයි.

04:49 PM

ශ්‍රී ලංකාව ඕවර 12 කදී - 39/7

(0-W-Wd-0-4-1-0)

දුනිත් වෙල්ලාලගේ 08, දුෂාන් හේමන්ත 05, මොහොමඩ් සිරාජ් 6-1-13-6

04:45 PM

නමවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු දුෂාන් හේමන්ත පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා මොහොමඩ් සිරාජ් සූදානම්.

04:44 PM

මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 17 කට දැවී යයි. (හතරේ පහර 3 යි)

04:42 PM

ශ්‍රී ලංකාව ඕවර 11 කදී - 33/6

(0-0-0-0-0-2)

කුසල් මෙන්ඩිස් 17, දුනිත් වෙල්ලාලගේ 08, හර්දීක් පාණ්ඩ්‍යා 1-0-02-0

04:42 PM

මෙම තරගයේදී එක්දින කඩුලු 50 සීමාව පසුකර යෑමට මොහොමඩ් සිරාජ් සමත් වූ අතර ඒ සඳහා ඔහු යවා ඇති පන්දු සංඛ්‍යාව 1002 කි. එය කඩුලු 50 ක් දවාගැනීම සඳහා පන්දු යවන්නකු යවා ඇති දෙවැනි අඩුම පන්දු සංඛ්‍යාව ලෙස සටහන් වේ.

04:37 PM

11 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳවේග පන්දු යවන ක්‍රීඩක හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දුනිත් වෙල්ලාලගේ සූදානම්.

04:36 PM

ශ්‍රී ලංකාව ඕවර 10 කදී - 31/6

(0-1-0-0-0-0)

කුසල් මෙන්ඩිස් 17, දුනිත් වෙල්ලාලගේ 06, ජස්ප්‍රීට් බුම්රා 5-1-07-5

04:34 PM

ශ්‍රී ලංකාව ඕවර 9 කදී - 30/6

(2-4-0-4-1-1)

කුසල් මෙන්ඩිස් 17, දුනිත් වෙල්ලාලගේ 05, ජස්ප්‍රීට් බුම්රා 5-1-23-1 

04:28 PM

ශ්‍රී ලංකාව ඕවර 8 කදී - 18/6

(1-0-0-0-0-0)

කුසල් මෙන්ඩිස් 06, දුනිත් වෙල්ලාලගේ 04, මොහොමඩ් සිරාජ් 4-1-06-5

04:26 PM

ශ්‍රී ලංකාව ඕවර 7 කදී - 17/6

(0-3-0-0-Lb1-0)

කුසල් මෙන්ඩිස් 05, දුනිත් වෙල්ලාලගේ 04, ජස්ප්‍රීට් බුම්රා 4-1-11-1

04:25 PM

ශ්‍රී ලංකාව ඕවර 6 කදී - 13/6

(0-0-0-W-0-1)

කුසල් මෙන්ඩිස් 05, දුනිත් වෙල්ලාලගේ 01, මොහොමඩ් සිරාජ් 3-1-05-5

04:24 PM

අටවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු දුනිත් වෙල්ලාලගේ පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා මොහොමඩ් සිරාජ් සූදානම්.

04:23 PM

මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් දසුන් ශානක ලකුණු නොලබා දැවී යයි.

04:23 PM

ශ්‍රී ලංකාව ඕවර 5 කදී - 12/5

(0-0-0-0-0-0)

කුසල් මෙන්ඩිස් 05, දසුන් ශානක 00, ජස්ප්‍රීට් බුම්රා 3-1-08-1

04:23 PM

එකම ඕවරයක් තුළ මුල් පෙළ සහ මැද පෙළ කඩුලු 4 ක් බිඳහෙළූ මොහොමඩ් සිරාජ් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ තත්වයකට ඇද දමයි. එහිදී සදීර සමරවික්‍රම සහ චරිත් අසලංක ‍ලකුණු නොලබාම දැවී යති.

04:23 PM

ශ්‍රී ලංකාව ඕවර 4 කදී - 12/5

(W-0-W-W-4-W)

කුසල් මෙන්ඩිස් 05, දසුන් ශානක 00, මොහොමඩ් සිරාජ් 2-1-04-4

04:17 PM

හත්වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු දසුන් ශානක පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා සූදානම්.

04:12 PM

මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය ද සිල්වා ලකුණු 4 කට දැවී යයි.

04:09 PM

හයවැනි පිතිකරු‍වා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු ධනංජය ද සිල්වා පැමිණෙයි. පන්දු යැවීම සඳහා මොහොමඩ් සිරාජ් සූදානම්.

04:07 PM මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ කවර් කලාපයේ පන්දු රකිමින් සිටි ඉෂාන් කිෂන් අත‍‍ට උඩ පන්දුවක් දෙමින් චරිත් අසලංක ලකුණු නොලබා දැවී යයි.

04:03 PM

පස්වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු චරිත් අසලංක පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා මොහොමඩ් සිරාජ් සූදානම්.
 

04:02 PM

මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් සදීර සමරවික්‍රම ලකුණු නොලබා දැවී යිය.

04:01 PM

සිවුවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු සදීර සමරවික්‍රම පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා මොහොමඩ් සිරාජ් සූදානම්.
 

03:58 PM

මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි රවින්ද්‍ර ජදේජා අතට උඩ පන්දුවක් දෙමින් පැතුම් නිස්සංක ලකුණු 2 කට දැවී යයි.

03:57 PM

ශ්‍රී ලංකාව ඕවර 3 කදී - 08/1

(1-0-0-0-0-0)

පැතුම් නිස්සංක 02, කුසල් මෙන්ඩිස් 05, ජස්ප්‍රීට් බුම්රා 2-0-08-1

03:50 PM

ශ්‍රී ලංකාව ඕවර 2 කදී - 07/1

(0-0-0-0-0-0)

පැතුම් නිස්සංක 01, කුසල් මෙන්ඩිස් 05,  මොහොමඩ් සිරාජ් 1-1-00-0

03:48 PM

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් ‍මඳ‍ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.
 

03:46 PM

ශ්‍රී ලංකාව ඕවර 1 කදී - 07/1

(1-0-W-4-Wd-1-0)

පැතුම් නිස්සංක 01, කුසල් මෙන්ඩිස් 05, ජස්ප්‍රීට් බුම්රා 1-0-07-1

03:44 PM

තෙවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙයි. පන්දු යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා සූදානම්.
 

03:42 PM

ජස්ප්‍රීට් බුම්ර‍ාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් ‍දෙමින් කුසල් පෙරේරා ලකුණු නොලබා දැවී යයි.

03:39 PM

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා ආරම්භක පිතිකරුවන් වන කුසල් පෙරේරා සහ පැතුම් නිස්සංක පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා කැඳවයි.

03:28 PM

විනිසුරුවන් ක්‍රීඩාංගණය පරීක්ෂා කර අවසන්. තරගය පස්වරු 3.40 ආරම්භ කිරීමට නියමිතය. ඉන්දීය ක්‍රීඩකයෝ දැනටමත් පිටියට පිවිස පන්දු රැකීමේ පුහුණුවීම්වල නිරත වෙති.

03:23 PM

ක්‍රීඩාංගණය වසා තිබූ ආවරණ සියල්ල ඉවත් කර අවසන්. පස්වරු 3.30 ට විනිසුරුවන් ක්‍රීඩාංගණය පරීක්ෂා කිරීමට නියමිතය. බොහෝ දුරට පස්වරු 3.45 ට පමණ තරගය ආරම්භ කිරීමට හැකි වනු ඇත.

03:11 PM

වර්ෂාව නවතී. හතරේ සීමාව අසළ ආවරණ ඉවත් කෙරමින් පවතී. මුළු මුනින්ම ආවරණ ඉවත් කිරීමෙන් පසුව විනිසුරුවන් ක්‍රීඩාංගණය පරීක්ෂා කර තරගය ආරම්භ කරන වේලාව තීරණය කිරීමට නියමිතය.

02:56 PM

තරග ආරම්භයට විනාඩි 10 ක් තිබියදී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ක්‍රීඩාංගණය ආවරණය කිරීමට විනිසුරුවෝ උපදෙස් දෙති. ක්‍රීඩාංගණයට ඉහළින් අහස කළු පැහැ ගෙන ඇති අතර මේ වන විට පොද වැස්සක් ඇද හැළෙමින් තිබේ.

02:47 PM

ආසියානු කුසලාන අවසන් මහ තරග 12 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව එහිදී ශුරතා 6 ක් සහ අනු ශූරතා 6 ක් දිනාගෙන ඇති අතර අවසන් මහ තරග 10 කට ක්‍රීඩා කර ඇති ඉන්දියාව එහිදී ශුරතා 7 ක් සහ අනු ශූරතා 3 ක් දිනාගෙන තිබේ.

02:43 PM

ශ්‍රී ලංකා කණ්ඩායම

දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, ප්‍රමෝද් මධුෂාන් සහ මතීෂ පතිරණ

02:41 PM

ඉන්දීය කණ්ඩායම

රෝහිත් ශර්මා (නායක), ශුබ්මල් ගිල්, විරාට් කෝලි, ලො‍්කේෂ් රාහුල්, ඉෂාන් කිෂන්, හර්දීක් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජදේජා, වොෂින්ටන් සුන්දර්, ජස්ප්‍රීට් බුමරා, කුල්දීප් යාදව් සහ මොහොමඩ් සිරාජ්

02:38 PM

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී විවේක ගන්වා සිටි විරාට් කෝලි, හර්දීක් පාණ්ඩ්‍යා, ජස්ප්‍රීට් බුම්රා, කුල්දීප් යාදව් සහ මොහොමඩ් සිරාජ් මෙම තරගයේදී යළිත් ඉන්දීය කණ්ඩායමට එක්ව සිටියි. අබාධයකට ලක්වූ අක්සර් පටේල් වෙනුවට වොෂින්ටන් සුන්දර්ට කණ්ඩායමේ දොරටු විවර වී ඇත.
 

02:37 PM

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ආබාධයකට ලක්වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ වෙනුවට පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

02:35 PM

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශාන්ක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


අදහස් ()


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.