Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news III වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව තරග කල්දමයි

III වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව තරග කල්දමයි

editorial - 2021 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ 'ඒ' කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග, කොරෝනා වසංගතය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙකකදී මොරටුව මෙතෝදිස්ත උසස් පාසලට එරෙහිව මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහලත්, ගාල්ල විද්‍යාලෝක විදුහලට එරෙහිව ඉබ්බාගමුව මැදි විදුහලත් තරග වැදීමට නියමිතව තිබිණ.

තවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙකකදී වත්තල ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව යාපනය මැදි විදුහලත්, හංවැල්ල රාජසිංහ මැදි විදුහලට එරෙහිව මතුගම ශාන්ත මරියා විදුහලත් තරග බිමට පිවිසීමට සුදානමින් සිටියේය.

I කොටසේ සහ II කොටසේ සියලුම අවසන් මහ තරග මේ මස 2 වැනිදා වන විට පවත්වා අවසන් කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පියවර ගත්තේය. එහෙත් III කොටසේ තරග පැවැත්වීම මේ මස 1 වැනිදා සිට නතර කළ බව පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරියෙක් 'ලංකාදීප'යට පැවසීය.

"III වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව තරග මේ සතිය තුළ පවත්වන්න තමයි අපි සැළසුම් කරලා තිබුණේ. ඒත් දැන් රට තුළ පවතින තත්ත්වය නිසා සියලුම තරග තාවකාලිකව නතර කරන්න අපි තීරණය කළා." යැයි හෙතෙම පැවසීය.

කොරෝනා වසංගත තත්ත්වය සමතයකට පත්වීමෙන් පසු එම තරග පැවැත්වීම සඳහා නව දින වකවානුව යොදාගැනීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තරගාවලියේ I කොටසේ 'ඒ' කාණ්ඩයේ ශුරතාව දිනාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහලත්, 'බී' කාණ්ඩයේ ශුරතාව දිනාගැනීමට ගාල්ල මහින්ද විදුහලත් සමත් විය.

II වැනි කොටසේ 'ඒ' කාණ්ඩයේ ශුරතාව පානදුර ශ්‍රී සුමංගල විදුහල විසින් දිනාගන්නා ලදි. එහිම 'බී' කාණ්ඩයේ ශුරතාව කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල විසින්  දිනාගනු ලැබිණ.


අදහස් (0)

III වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව තරග කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.