Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 23 න් පහළ අවසන් පූර්ව තරග හෙට - අනිද්දා

23 න් පහළ අවසන් පූර්ව තරග හෙට - අනිද්දා

editorial - 2023 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (15 වැනිදා) සහ අනිද්දා (16 වැනිදා) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට එරෙහිව රාගම ක්‍රිකට් සමාජය තරග බිමට පිවිසෙන අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව මුවර්ස් ක්‍රිකට් සමාජය තරග වැදීමට නියමිතය. 

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය පූර්ණ ජයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 3 න් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයට පිවිසියේ පූර්ණ ජයග්‍රහණ 3 ක් සහ පළමු ඉනිමේ ජයක් ලබමිනි. 

‘සී’ කාණ්ඩය යටතේ තරග වැදුණ මුවර්ස් ක්‍රිකට් සමාජය පූර්ණ ජයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් ලබමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදුණ රාගම ක්‍රිකට් සමාජය අවසන් පූර්ව වටයට පිවිසියේ පූර්ණ ජයග්‍රහණ 2 ක් සහ පළමු ඉනිමේ ජයක් ලබමිනි. 

තරගාවලියේ අවසන් මහ තරගය මෙම මස 21 සහ 22 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.  

අවසන් පූර්ව තරග 15 - 16 යන දිනවල
ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රිකට් සමාජය අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී 

අවසන් මහ තරගය 21 - 22 යන දිනවල 
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 


අදහස් (0)

23 න් පහළ අවසන් පූර්ව තරග හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.