Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.ඩී.බී. පිලට කඩුලු 4 ක ජයක්

සී.ඩී.බී. පිලට කඩුලු 4 ක ජයක්

editorial - 2022 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ක්‍රීඩකයන්ගේ තුන්ඉරියව් දස්කම් හේතුවෙන් සම්පත් බැංකු පිලට එරෙහිව දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති වෙළඳසේවා සුපර් ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරගයකදී කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට සී.ඩී.බී. ෆිනෑන්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය සී.ඩී.බී. ෆිනෑන්ස් පිල ඕවර 33.5 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ධනුෂ්ක ධර්මසිරි පන්දු 51 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 48 ක් ලබාගත් අතර ළහිරු මදුශංක පන්දු 45 කදී හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් ලබාගනිමින් සී.ඩී.බී. ෆිනෑන්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. ළහිරු උදාර ලකුණු 21 ක් සහ ලක්ෂිත මනසිංහ ලකුණු 25 ක් ලබාගනිමින් සී.ඩී.බී. ෆිනෑන්ස් පිලේ ජයග්‍රහණයට දායක වූහ.

සහන් ආරච්චිගේ කඩුලු 3 ක් ද, ශිරාන් ප්‍රනාන්දු, ආකාශ් සේනාරත්න සහ කවිඳු නදීශාන් කඩුල්ල බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සම්පත් බැංකු පිලට ඕවර 42.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණි.

නායක දසුන් ශානක හුදකලා සටනක නිරත වෙමින් නොදැවී අර්ධ ශතකයක් ලබාත්තද අනෙක් අන්තයේ පිතිකරුවන් එකිනෙකා දැවීයාම හේතුවෙන් සම්පත් බැංකු පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට තිබූ අවස්ථාව ඔහුගෙන් ගිලිහී ගියේය. පන්දු 75 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 71 ක් ලබාගැනිමට දසුන් ශානක සමත්විය.

මුදිත ලක්ෂාන් කඩුලු 3 ක් ද, ළහිරු මදුශංක සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින්ද දවාගනිමින් සම්පත් බැංකු පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.


සම්පත් බැංකුව - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී 181
(මිනෝද් භානුක 39, දසුන් ශානක නොදැවී 71, මුදිත ලක්ෂාන් 29/3, ළහිරු මදුශංක 36/2, තරිඳු රත්නායක 38/2)

සී.ඩී.බී. ෆිනෑන්ස් - ඕවර 33.5 කදී කඩුලු 6 ක් දැවී 182
(ළහිරු උදාර 21, ධනුෂ්ක ධර්මසිරි 48, ළහිරු මදුශංක නොදැවී 45, ලක්ෂිත මනසිංහ 25, සහන් ආරච්චිගේ 47/3)

 


අදහස් (0)

සී.ඩී.බී. පිලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.