Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහ සටනේ ජය පිළියන්දල මැදි විදුහලට

මහ සටනේ ජය පිළියන්දල මැදි විදුහලට

editorial - 2022 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)
 
පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර පැවැති 20 වැනි ‘සල්පිටි රයිගම් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ශූරතාව 4 වැනි වරටත් දිනා ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩකයෝ සමත්වූහ.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට සිය දෙවැනි ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 120 ක් පමණි.
 
රන්දීව් සෙනෙවිරත්න ලකුණු 41 ක් රැස්කරමින් තක්ෂිලා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් දෙවැනි ඉනිමේදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
 
පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදී ද දවාගත් කඩුල 5 ක් දවාගනිමින් ලකුණු 58 කට කඩුලු 11 ක් දවාගනිමින් තරගයේ පාලනය සියතට ගැනීමට තිනෙත් සාලිංග සමත්විය. අශේන් රොද්‍රිගූ කඩුලු 3 ක් සහ හසිත නිරෝෂන් කඩුලු 2 ක් දවාගනිමින් දෙවැනි ඉනිමේදී තක්ෂිලා මධ්‍ය විද්‍යාලීය පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.
 
ලකුණු 62 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ පිළියන්දල මධ්‍ය විද්‍යාලයට සිය දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 111 ක් පමණි.
 
සෙතික දිල්මිත් ලකුණු 49 ක් ලබාගනිමින් පිළියන්දල මධ්‍ය විද්‍යාලීය දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
 
පළමු ඉනිමේ ලබාගත් කඩුලු 6 ත් සමගින් ලකුණු 57 කට කඩුලු 11 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීමට රෂාන් නවාංජන සමත්වුවද පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් විය.
 
පළමු දිනය අවසන් වනවිට හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා ලකුණු 63 කට කඩුලු 9 ක් අහිමිකර ගනිමින් දැඩි අසීරූතාවයට පත්ව සිටි අතර දෙවැනි දින උදෑසනයම තවත් ලකුණු 3 ක් ඇතුළත ඔවුන්ගේ අවසන් කඩුල්ලත් අහිමිකර ගත්හ.
 
කාසියේ වාසිය දිනාගත් තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පිළියන්දල මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමට සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි.
 
දක්ෂතම පිතිකරුවා ලෙස පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ සෙතික දිල්මිත් සම්මාන දිනාගන්නා විට දක්ෂතම පන්දු යවන්නා ලෙස තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ රෂාන් නවංජන සම්මාන දිනාගැනීමට සමත්විය. දක්ෂතම පන්දු රකින්නා ලෙස පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ හසිත නිරෝෂන් සම්මාන දිනාගත්තේය. තරගයේ දක්ෂතම ක්‍රීඩකයා හිමි සම්මානය පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ තිනෙත් සාලිංගට හිමිවිය.
 
පිළියන්දල මධ්‍ය විද්‍යාලීය පළමු ඉනිම - සියලුදෙනා දැවී 128
(අශේන් රොද්‍රිගූ 30, සොනාත් එනුක 32, රෂාන් නවංජන 20/5, චිරන්ත දෙව්රුවන් 06/3)
 
තක්ෂිලා මධ්‍ය විද්‍යාලීය පළමු ඉනිම - සියලුදෙනා දැවී 66
(දේෂාන් දිල්මිත් 24, තිනෙත් සාලිංග 26/6, අශේන් රොද්‍රිගූ 19/2)
 
පිළියන්දල මධ්‍ය විද්‍යාලීය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 111
(සෙතික දිල්මිත් 49, රෂාන් නවංජන 37/6, චිරන්ත දෙව්රුවන් 27/2)
 
තක්ෂිලා මධ්‍ය විද්‍යාලීය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 120
(රන්දීව් සෙනෙවිරත්න 41, තිනෙත් සාලිංග 32/5, අෂේන් රොද්‍රිගූ 56/3, හසිත නිරෝෂන් 13/2)

අදහස් (0)

මහ සටනේ ජය පිළියන්දල මැදි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.