Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදලින් තෑගි

චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදලින් තෑගි

editorial - 2021 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අන්තර් ජාලය ඔස්සේ පැවති ලෝක ඔලිම්පියාඩ්  හා බටහිර ආසියානු  චෙස් තරගාවලි දෙකේ පදක්කම් දිනූ ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ දෙල්කඳ පිහිටි ශ්‍රී ලංකා චෙස් සම්මේලන මූලස්ථානයේදී මුදල් ත්‍යාග පිරිනැමිණ.

ලෝක ඔලිම්පියාඩ් හා බටහිර ආසියානු චෙස් තරගාවලි දෙකේම වයස 10න් පහළ බාලිකා තරග ඉසව් දෙකේම රන් පදක්කම් දිනූ රත්නපුර ෆර්ගිසන් බාලිකා විද්‍යාලයේ ඔෂිනි දිවන්‍යා ගුණවර්ධන, බටහිර ආසියානු චෙස් තරගාවලියේ වයස 18 න් පහළ බාලක තරග ඉසව්වේ රන් පදක්කම දිනූ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න, එම තරගාවලියේම වයස 18න් පහල බාලක රිදී පදක්කම දිනූ කොළඹ නාලන්දා විද්‍යාලයේ ලොකුගේ සුසාල් ද සිල්වා, වයස 12න් පහළ බාලිකා ලෝකඩ පදක්කම දිනූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.එසඳි නෙවන්සා සහ ඔවුන්ගේ පුහුණුකරුවන්වූ අකිල කාවින්ද (ඔෂිනි කාවින්ද්‍යා ගුණවර්ධන හා ලොකුගේ සුසාල් ද සිල්වා ගේ) ගිහාන් කාංචන ද සිල්වා(එම්.එසදි නෙවන්සාගේ) යන ක්‍රීඩක ,ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට  මුදල් ත්‍යාග පිරිනැමිණ.

මේ සදහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනය  වෙන්කරන ලද මුදල රුපියල් 3,30,000 කි.

ලෝක ඔලිම්පියාඩ් හා බටහිර ආසියානු චෙස් තරගාවලිදෙකේම වයස 10න් පහළ බාලිකා රන් පදක්කම් දිනූ රත්නපුර ෆර්ගිසන් බාලිකා විද්‍යාලයේ ඔෂිනි දේව්න්ද්‍යා ගුණවර්ධනට මුදල් ත්‍යාගයට හිමි චෙක් පත ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා විසින් පිරිනමන ලද අවස්ථාව. ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ භාණ්ඩාගාරික ඉරෝෂ් ජයසිංහ මහතා ද මේ අවස්ථාවට සහභාගිවී සිටියේය.


අදහස් (0)

චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදලින් තෑගි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.