Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කටුනායක ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට , ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන යන ශ්‍රී ලන්කන් ගුවන් යානය එම ක්‍රීඩකයන්ගේ ආත්මාභිමානය වර්ධනය කිරීම සදහා , එම ගුවන් යානයෙහි බඳ කොටස විශේෂ ස්ටිකරයකින් සරසා තිබේ.
Our Champions Our Pride යනුවෙන් ලියා ඇති එහි ශ්‍රී ලාංකික සංකේතය වන සිංහයාත් , ඊට පහළින් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලාංඡනයත් සටහන් කර තිබේ. මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු A330 - 300 මාදිලියේ එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් සූදානම් කර තිබේ.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අමතරව එම තරග සිට වාර්තා කිරීමට රෑපවාහිනී මාධ්‍යවේදීන් පිරිසක් සහ ශ්‍රී ලාංකික නිලධාරීන් පිරිසක් ද මෙම ගුවන් යානයෙන් ජපානය බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.