Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය පුහුණුකරු ධූරය ද්‍රාවිඩ්ට

ඉන්දීය පුහුණුකරු ධූරය ද්‍රාවිඩ්ට

editorial - 2021 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නායක රාහුල් ද්‍රාවිඩ් මහතා වසර 2 ක කාළයක් කටයුතු කිරීමට එකඟවී ඇති බව ඉන්දියා ටුඩේ පුවත්පත වාර්තා කරයි. මේ වනවිට ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන රවී ශාස්ත‍්‍රි මහතාගේ සේවා කාළය විස්සයි20 ලෝක කුසලානයෙන් පසු අවසන්වීම හේතුවෙන් මෙම පත්කිරීම සිදුවනු ඇත.

ඒ අනුව ඉන්දීය ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සහ ජාතික ක‍්‍රිකට් ඇකඩමියේ පුහුණු කාර්ය මණ්ඩලය සඳහා ඉල්ලූම් පත් කැඳවීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇත.

මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව රවී ශාස්ත‍්‍රී (ප‍්‍රධාන පුහුණුකරු), භාරත් අරුන් (පන්දු යැවීමේ පුහුණුකරු) සහ ආර්. ශ‍්‍රීධර් (පන්දු රැකීමේ පුහුණුකරු) යන මහත්වරුන්ගේ ගිවිසුම් අවසන් වේ.

ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතාගේ නායකත්වය යටතේ මෙන්ම දිගුකාලීන වෘත්තීය සගයකු වූ ද්‍රාවිඞ් මහතා, ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතා අතර පැවැති සාකච්ඡුාවකින් අනතුරුව ඔහු වසර දෙකක ගිවිසුමකට එකඟ වී තිබේ.

පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන් මහතාගෙන් පසුව හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක පරාස් මැම්බ්රේ මහතා කටයුතු කරන අතර කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස වික‍්‍රම් රතෝර් මහතා තවදුරටත් කටයුතු කරනු ඇත.

ඉන්දීය ‘ඒ’ සහ වයස 19 න් පහළ කණ්ඩායම්හි ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ද්‍රාවිඞ් මහතා, 2018 වසරේදී පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන දිනාගත් ඉන්දීය කණ්ඩායම සඳහා ද ගුරුහරුකම් දුන්නේය. ඔහු 2019 සිට ජාතික ක‍්‍රිකට් ඇකඩමියේ (එන්.සී.ඒ) ප‍්‍රධානියා ලෙස කටයුතු කරන අතර මේ වසරේ ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ ඉන්දීය සීමිත ඕවර කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය.


- 2079

 


අදහස් (0)

ඉන්දීය පුහුණුකරු ධූරය ද්‍රාවිඩ්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.