Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news  කොරියා-උරුගුවේ තරගය සමයි

 කොරියා-උරුගුවේ තරගය සමයි

editorial - 2022 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාව හා උරුගුවේ අතර ඊයේ (24) රාත්‍රියේදී එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන පාපන්දු (2022) තරගය නිලකුණු තත්ත්වයක් මැද සම විය.

ආසියාවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට නිර්දේශ ලබාගත් රටවල් හය අතරට එක්ව සිටින දකුණු කොරියාව එහිදී උරුගුවේ සමග තරගය සම කිරීම තවත් කැපී පෙනෙන අවස්ථාවකි.

සෞදි අරාබිය විසින් ආජන්ටිනාවද (2-1), ජපානය විසින් ජර්මනිය ද (2-1), පරාජය කිරීමෙන් මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේදීම ආසියාවේ රටවල් අතර පිබිදීමක් ඇතිව තිබීම කැපී පෙනේ.

මේ අතර ඊයේ පැවැති තරගයකදී මෙතෙක් වාර්තා වූ ඉහළම ජයග්‍රහණය ලැබීමට ස්පාඤ්ඤය සමත් විය. ඒ කොස්ටාරිකාව ගෝල 7-0 කින් පරාජයට පත් කරමිනි.

ගෝල 2-0 ක් ලෙස පෙරමුණ ගනිමින් එහිදී ස්පාඤ්ඤය මෙම ජය වාර්තා කළ අතර 11, 21, 31, 54, 74, 90, 92 (අතිරේක කාලය) යන විනාඩිවලදී ගෝල හතක් වාර්තා කරමින් එහිදී ස්පාඤ්ඤය මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජය ලැබීය. මෙය ඊ කාණ්ඩයේ තරගයකි. ඊයේ පැවැති ‘ජී’ කාණ්ඩයේ තරගයකදී ස්විට්සර්ලන්තය විසින් කැමරුන් පිල ගෝල 1-0කට පරාජය ලදී. ‘එෆ්’ කාණ්ඩයේ තරගයකදී ඊයේ බෙල්ජියම ජය ලැබුවේ කැනඩාව ගෝල 1-0කට පරාජය කරමිනි.

මේ අතර ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමෙහි අංක එක හිමිකර ගෙන තිබෙන මෙවර කුසලාන දිනා ගනු ඇතැයි වැඩිම විශ්වාසය තබා තිබෙන බ්‍රසීලය ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් (24) මධ්‍යම රාත්‍රි 12.30ට සර්බියාව සමඟ සිය පළමු තරගයට සහභාගිවීමට නියමිතව තිබුණි.

- 223


අදහස් (0)

 කොරියා-උරුගුවේ තරගය සමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.