Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අර්බුදය විසඳනවා

අර්බුදය විසඳනවා

editorial - 2022 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය උදහසට ලක් නොකෙරෙන තීන්දුවක් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සම්බන්ධයෙන් ඉදිරි දිනවල දී ගන්නා බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැතිවරයා අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ක්‍රීඩා ප්‍රතිපාදන අරමුදල් මෙරට ඇතැම් ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් අවභාවිත කරන තත්වයක් පෙනෙන බැවින් ඊට ක්‍රීඩා අමාත්‍යාංශයට මැදිහත්වීමට සිදුවීම වැළැක්විය නොහැකි කරුණක් බවයි.

මෙම මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය ගැන මෙසේ පැවසීය.

‘‘මෙම අර්බුදයට රටේ පාර්ශ්ව දෙකක් මැදිහත්ව සිටිනවා. ඒ නිසා අපට මේ ප්‍රශ්නය දෙස මධ්‍යස්ථව බලන්න වෙනවා. ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය ඉතා ඉක්මණින්ම පවත්වා අවසන් කරන්න ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරනවා.

ඒ සඳහා අතුරු කමිටුවක් පත් කරන්නේ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ එකඟතාවය නොබිඳෙන ආකාරයටයි. ක්‍රීඩා අමාත්‍යාංශයට මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න සිද්ධ වුණේ පාර්ශ්ව දෙකක් ඒ සම්බන්ධයෙන් අර්බුද ඇතිකර ගෙන තිබෙන නිසයි. රටේ නීතියට ගරු කිරීම පළමුකොට ක්‍රීඩා අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සිදුවිය යුතුයි’’

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ද එහිදී අදහස් දැක්වීය.


අදහස් (0)

අර්බුදය විසඳනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.