Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් විමර්ශන වාර්තාව අධ්‍යනය කරනවා

ක්‍රිකට් විමර්ශන වාර්තාව අධ්‍යනය කරනවා

editorial - 2023 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස්. රුද්‍රිගු)

2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වී ඇති බලපෑම් ඇතුලු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ වීරවර්ධන කමිටු වාර්තාව අධ්‍යනය කර ඒ පිළිබඳ තම ස්ථාවරය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (20) දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදුකළේ අදාල කමිටු වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහත්වරුන් විසින් ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

මෙම පෙත්සම පෙබරවාරි මස 1 වැනිදා කැඳවන ලෙසද නියෝග කෙරින.

2020 ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ විවිධ බලපෑම් ඇතුලු සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත් එම වාර්තාව දැනට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාර දී ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.

එම වාර්තාවේ කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටියහ.

 


අදහස් (0)

ක්‍රිකට් විමර්ශන වාර්තාව අධ්‍යනය කරනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.