Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිළියන්දල මැදි විදුහල එක්දින තරගයත් ජය ගනී

පිළියන්දල මැදි විදුහල එක්දින තරගයත් ජය ගනී

editorial - 2022 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය අතර ‘සල්පිටි රයිගම් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව දෙවිදුහල් අතර පැවැති 7 වැනි එක්දින තරගය කඩුලු 7 කින් ජය ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය අද (12 වැනිදා) සමත්විය. මේ දක්වා පැවැති තරග 6 ක් ජය ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්වී තිබේ. එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන්වී ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 124 ක ඉලක්කයක් හඹාගිය පිළියන්දල මධ්‍ය විද්‍යාලය ඕවර 30 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට සමත්විය.

එහිදී නායක අශේන් රොද්‍රිගූ පන්දු 61 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 35 ක් ද, රමෝද්‍ය රවිෂ්ක පන්දු 45 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 29 ක් සහ සෙනිරු දිල්මිත් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 24 ක් ලබාගනිමින් පිළියන්දල මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමේ නායකයා පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තද පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසත් විය. නවෝද්‍ය ගිම්හාන, චිරන්ත දෙව්රුවන් සහ රෂාන් නවංජන එක් කඩුල්ලක් බැගින් දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයට ඕවර 34.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 123 ක් පමණි.

රන්දීව් සෙනෙවිරත්න පන්දු 46 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 41 ක් ලබාගනිමින් හුදකලා සටනක නිරත වුවද සෙසු පිතිකරුවන්ට ලකුණු 15 සීමාව පසු කිරීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අශේන් රොද්‍රිගූ සිය ඕවර 10 ලකුණු 31 කට සීමා කරමින් එක් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 4 ක් ද, රමෝද්‍ය රවිශ්ක ලකුණු 25 කට කඩුලු 3 ක් සහ අෂාන් තත්සර ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගනිමින් තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ඒ අනුව පිළියන්දල මැදි විදුහල මෙම වසරේ දෙවිදුහල් අතර පැවැති වාර්ෂික මහ තරගය මෙන්ම එක්දින තරගයත් පළමු වරට ජය ගැනීමට සමත්ව තිබීම කැපී පෙනේ.

තරගයේ දක්ෂතම පිතිකරුවා ලෙස තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ රංදීව් සෙනෙවිරත්න සම්මාන දිනාගන්නා විට දක්ෂතම පන්දු රකින්නා ලෙස පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ නිලූෂ අංජන සම්මාන දිනාගත්තේය. දක්ෂතම පන්දු යවන්නා සහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වයම හිමිකර ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ අශේන් රොද්‍රිගූ සමත්විය.


තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය - ඕවර 34.5 කදී සියලුදෙනා දැවී 123
(රන්දීව් සෙනෙවිරත්න 41, අශේන් රොද්‍රිගූ 31/4, රමෝද්‍ය රවිශ්ක 25/3, අෂාන් තත්සර 23/2, තිනෙත් සාලිංග 11/1)

පිළියන්දල මධ්‍ය විද්‍යාලය - ඕවර 30 කදී කඩුලු 3 ක් දැවී 127
(අශේන් රොද්‍රිගූ 35, සෙනිරු දිල්මිත් 24, රමෝද්‍ය රවිශ්ක නොදැවී 29, නවෝද්‍ය ගිම්හාන 24/1, චිරන්ත දෙව්රුවන් 33/1, රෂාන් නවංජන 43/1)

 


අදහස් (0)

පිළියන්දල මැදි විදුහල එක්දින තරගයත් ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.