Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ වයස 15 න් පහළ සහ 18 න් පහළ සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ විවෘත මේසපන්දු තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සහ මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දි බණ්ඩාර සමත් වූහ.
බාලක වයස 15 න් පහළ අවසන් තරගයේදී වට 3-0 කින් මහනුවර විද්‍යාර්ථ විදුහලේ ආකේෂ් දිමින්ත පරාජය කළ සෙනුර, වයස 18 න් පහළ අවසන් තරගයේදී වට 3-2 කින් මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ චන්දූප අලහකෝන් පරාජය කළේය.
බාලිකා වයස 15 න් පහළ අවසන් තරගයේදී වට 3-0 ක් ලෙස කොළඹ මියුසියස් විදුහලේ ඔනෙලි ලෙහන්සා පරාජය කළ බිමන්දි, වයස 18 න් පහළ අවසන් තරගයේදී වට 3-0 ක් ලෙස කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය පරාජය කිරීමටද සමත් වූවාය.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය දිවයින පුරා පාසල්, ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200 ක් පමණ සහභාගි වූහ. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජාතික මේසපන්දු ක්‍රීඩක යොහාන් දේශප්‍රිය මහතා එක්විය.
තරග ප්‍රතිඵල
බාලක වයස 15 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ආකේෂ් දිමන්ත (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (13/11, 11/9, 11/6)
බාලක වයස 18 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස චන්දූප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඩ් විදුහල) පරාජය කරන ලදි. (5/11, 15/13, 11/6, 3/11, 11/7)
බාලිකා වයස 15 න් පහළ
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ලෙහන්සා පරාජය (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/3, 11/3, 11/5)
බාලිකා වයස 18 න් පහළ
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/8, 11/6, 13/11)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.