Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සමාජ මාධ්‍ය විවේචනයකින් රග්බි විධායක සභාව කැළඹෙයි

සමාජ මාධ්‍ය විවේචනයකින් රග්බි විධායක සභාව කැළඹෙයි

යොහාන් භාසුර - 2020 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය රග්බි විනිසුරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙළ සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ විධායක සභාව උණුසුම් වූ බව වාර්තා වේ. ශ්‍රී ලංකා රග්බි සංගමයේ විධායක සභා රැස්වීම පෙරේදා (5 වැනිදා) කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් රග්බි විනිසුරුවන් අධීක්‍ෂණය කිරීමට නිලධාරියකු පත්කිරීම මෙම ගැටලුකාරී තත්ත්වයට හේතුවී ඇති බව දැනගන්නට තිබේ.  මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියෙක් රග්බි විනිසුරු සංගමයේ උසස් නිලධාරියකුට දැඩිව දොස් නැගූ බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගවලින් දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමය විනිසුරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහනට විරුද්ධව ශ්‍රී ලංකා රග්බි ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවකු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා ඇති බව වාර්තා වේ. අදාල නිලධාරියා රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ගන්නා විශේෂ තීරණ සමාජ මාධ්‍ය ඔස්සේ විචේචනය කිරීම ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

“රග්බි සංගමයේ තීරණ එක එක තැන්වල විවේචනය කිරීම මම අනුමත කරන්නෙ නෑ. ඔබ අපි ගරු කරන නිලධාරියෙක්. මෙවැනි දේවල් ඔබ වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කිසිසේත්ම ගැළපෙන්නේ නෑ. අපේ වැඩසටහන පිළිබඳව ප්‍රශ්නයක් තිබේ නම් මෙතන කථා කරන්න පුළුවන්”
“ප්‍රසිද්ධියේ කථා කළ යුතු දේවල් තියෙනවා. නොකළ යුතු දේවල් තියෙනවා. නිලධාරියකු හැටියට ඔබටත් වගකීමක් තියෙනවා” යැයි රග්බි සංගමයේ උසස් නිලධාරියා පවසා තිබේ.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ විධායක කමිටුවේදී එවැනි සිද්ධියක් ඇති වූ බවත් එය අදාල උසස් නිලධාරියා නිලවශයෙන් කළ ප්‍රකාශයක් බවත්ය.

“ඔව් එවැනි සිද්ධියක් වුණා. එම ප්‍රකාශය විධායක සභා වාර්තාවට ද ඇතුළත් කරන ලෙස එම නිලධාරියා පැවසුවා” යැයි එම ප්‍රකාශය කළ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ නිලධාරියකු පැවසුවේ සංගමය පත්කර ඇති ඇතැම් නිලධාරීන් රග්බි විනිසුරුවන්ට බලපෑම් කරන තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

“රග්බි සංගමය විනිසුරුවන්ට වසර තුනක පමණ කාලයක රුපියල් ලක්‍ෂ 60 කට අධික මුදලක් ගෙවීමට තිබෙනවා. එම මුදල් නොගෙවා විනිසුරුවන් පාලනය කිරීමට කටයුතු කිරීම සාධාරණ නෑ”යැයි ද එම විනිසුරුවරයා වැඩි දුරටත් පැවසීය. 


අදහස් (0)

සමාජ මාධ්‍ය විවේචනයකින් රග්බි විධායක සභාව කැළඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.