Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් සංචිතයේ 18 කට කොවිඩ්

වොලිබෝල් සංචිතයේ 18 කට කොවිඩ්

editorial - 2021 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියට සූදානමින් කොළඹදී නේවාසික පුහුණුවීම් ආරම්භ කළ ජාතික වොලිබෝල් (පිරිමි) සංචිතයේ ක්‍රීඩකයන් 18 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් පසුව ඔවුන් නවාතැන් ගෙන සිටි කොළඹ සුගතදාස හෝටලයේදීම ඔවුන් නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.

වාර්තා වන පරිදි පසුගිය ජුලි මාසයේ අවසන් සති අන්තයේදී පමණ එහි ක්‍රීඩකයන් පස් දෙනකු හා පුහුණුකරුවකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගන්නා ලදි. ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් පසුව, සංචිතයේ සෙසු ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන්, කොවිඩ් දැඩි සීමා නීති රීතිවලට යටත්ව නේවාසික පුහුණුවීම් පවත්වාගෙන ගොස් තිබේ. ඒ ක්‍රීඩකයන් වෙන වෙනම කාණ්ඩ කරමින් වෙනස් පුහුණු ක්‍රම අනුගමනය කරමිනි.

කෙසේ වුවත් සංචිතයේ ක්‍රීඩකය්ට කළ ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්ෂණවලදී තවත් ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ. එම පිරිස 18කට ආසන්න වන බව ද වාර්තා වේ.

සුගතදාස හෝටලයේදී ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත ජාතික වොලිබෝල් පුහුණු සංචිතය ආරම්භ කළේ ලබන සැප්තැම්බර් 12 සිට 19 දක්වා ජපානයේ චීබා නගරයේදී පැවැත්වෙන මීළඟ ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වොලිබෝල් ජාතික (පිරිමි) කණ්ඩායම තෝරා ගැනීමේ අභිප්‍රායෙනි. ඒ සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම්  ලබාගත්තේ කොළඹදී උස්බෙකිස්තානයට එරෙහිව පැවැති කඩඉම් තරගය ජය ගනිමිනි.

සංචිතයේ ක්‍රීඩකයන් බහුතරයක්ම කොවිඩ් ආසාදිතයන් වීමෙන් ආසියානු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් කෙරෙහි අහිතකර තත්ත්වයක් උද්ගත විය හැකි බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.


ආසියානු වොලිබෝල් සමුළුවේ තරග නීති රීති හා රේගුලාසිවලට අනුව ආසියානු වොලිබෝල් ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමෙන් පසුව අතරමගදී තරගාවලියෙන් ඉවත් වන රටක් වේ නම් ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් 35,000 ක  දඩයකට යටත් වීමට සිදු වේ. ආසියානු වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 ක් තරග වදිති.

 


අදහස් (0)

වොලිබෝල් සංචිතයේ 18 කට කොවිඩ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.