Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් තරගමාලා දෙකක් අරගලයට මැදිවෙයි

වොලිබෝල් තරගමාලා දෙකක් අරගලයට මැදිවෙයි

editorial - 2022 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

‘අරගලය’ හමුවේ රට උණුසුම් වෙද්දී ප්‍රධානතම වොලිබෝල් තරගමාලා දෙකක් අත්හිටුවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ.

මෙම තරගමාලා නැවත ආරම්භ කෙරෙන දින වකවානු ඉදිරියේදී තීරණය කෙරෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක  මහතා පවසයි.

මංචි කුසලාන ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර්ලීග් කාණ්ඩයේ අවසන් තරග යළිත් දින නියමයක් නොමැතිව ඒ අනුව කල් දමා තිබේ.

මෙහි අවසන් මහ තරග පසුගිය ජූලි 3 වැනිදා මහරගමදී පැවැත්වීමට දැරූ උත්සාහය ඒ අනුව අත්හැර දැමීමට වොලිබෝල් සම්මේලනය පියවර ගත්තේය.

සුපර් ලීග් කාන්තා අවසන් මහ තරගයට ගුවන් හමුදා පිල හා යුද හමුදා පිල ද එහි පිරිමි අවසන් මහ තරගයට ගුවන් හමුදා පිල හා විදුලිබල මණ්ඩල පිල ද නිර්දේශ ලබා සිටිති.

මේ අතර වසරේ පැවැත්වෙන ප්‍රධානතම අන්තර් පාසල් වොලිබෝල් තරගමාලාව වන ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගමාලාවේ දිස්ත්‍රික් තරග වටය (දෙවැනි අදියර) අතරමග කල් දැමීමට පියවර ගෙන තිබේ.

 ඒ වන විට දිස්ත්‍රික්ක 17 ක තරග වට පවත්වා අවසන්ව තිබේ. තවත් දිස්ත්‍රික් හා කලාප හතක තරග වට පැවැත්වීමට ඉතිරිව තිබේ. එහි තෙවැනි (අවසන්) අදියර වන ජාතික තරග වටය මෙම ජූලි මස අවසානයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කළින් සැලසුම් කර තිබුණි.


අදහස් (0)

වොලිබෝල් තරගමාලා දෙකක් අරගලයට මැදිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.