Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වනිඳු වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණට

වනිඳු වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණට

editorial - 2021 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබි දහයයි-10 ලීග් ක‍්‍රිකට් තරගාවලියේ නොදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 5 කට කඩුලූ 2 ක් දවාගැනීමත් සමග තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා වීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක‍්‍රීඩක වනිඳු හසරංග සමත් විය.

මේ වන විට තරග 4 කට ක‍්‍රීඩා කර ඇති වනිඳු, එහිදී  ඕවර 7 ක් යවමින් කඩුලූ 4 ක් බිඳහෙළීමට සමත්ව ඇත්තේ 7.00 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. අබුඩාබි කණ්ඩායමට එරෙහිව ලකුණු 12 කට කඩුලූ 4 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ. තරගාවලිය පුරා පන්දු 42 ක් යවා ඇති වනිඳු එහිදී ප‍්‍රතිවාදී පිතිකරුවන්ට ලබාදී ඇත්තේ ලකුණු 56 ක් පමණි.

වනිඳු ප‍්‍රමුඛ පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ නොදන් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලූ 6 ක පහසු ජයක් ලැබූ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම, ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 71 ක ඉලක්කයක් හඹාගිය ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එම ඉලක්කය පසුකර යෑම සඳහා වැය වූයේ  ඕවර 7.1 ක් පමණි.

ලකුණු 31 කට කඩුලූ 4 ක් බිඳවැටුණද, ටොම් මූරස් පන්දු 17 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 21 ක්ද, ඬේවිඞ් වයිස් පන්දු 9 කදී හයේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 27 ක්ද රැස්කරමින් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළහ.


නොදන් වොරියර්ස් පිල -  ඕවර 10 කදී කඩුලූ 6 කට 70
(රෝමන් පවෙල් 11, සමීත් පටේල් 21, අභිමන්‍යු මිතුන් 11, වනිඳු හසරංග 05/2)

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල -  ඕවර 7.1 කදී කඩුලූ 4 කට 76
(ටොම් මූරස් නොදැවී 21, ඩේවිඩ් වීස් නොදැවී 27)

-036

 


අදහස් (0)

වනිඳු වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.