Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලියකියවිලි රැසක් ක්‍රිකට් ආයතනයෙන් පොලිස් විමර්ශන ඒකකයට

ලියකියවිලි රැසක් ක්‍රිකට් ආයතනයෙන් පොලිස් විමර්ශන ඒකකයට

යොහාන් භාසුර - 2020 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුදලට පාවාදුන් බවට චෝදනා එල්ල වී ඇති 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සම්බන්ධ වැදගත් ලියවිලි රැසක් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ඊයේ (29 වැනිදා) පෙරවරුවේ බාරදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ලියවිලි බාරදීමට නියමිතය.

එම ලිපි ලේඛණවලට 2011 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමට අදාල වාර්තා, ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙමින් තිබියදී ක්‍රීඩකයන් ආදේශ කිරීමට ආදාල වාර්තා ඇතුළු ලිපිගොනු රැසක් ඇතුළත්ව ඇති බව වාර්තා වේ.

“පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සඳහා එවකට පැවැති තේරීම් කමිටුව ලෝක කුසලාන පළමු සංචිතය සහ ක්‍රීඩකයන් තේරීමට සම්බන්ධ ලේඛණ ඉල්ලා තිබුණා”

“අපි සතුව තේරීම් කමිටුවට සම්බන්ධ බොහෝ ලේඛණ තිබෙනවා. ඒ සියලුම ලේඛණ අපි සඳුදා පෙරවරුවේ බාර දෙනවා” යැයි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි මහතා වැඩි දුරටත් පැවසීය.

ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසා පැවසුවේ විමර්ශනයට අදාලව හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගෙන් හෙට (30 වැනිදා) ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි.
“අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රකාශය මෙම පරීක්‍ෂණයට ඉතාමත් වැදගත් වී තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයෙන් අපිට විමර්ෂනයට පිවිසීමේ හැකියාව තිබෙනවා” යැයි ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසීය.  

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙරේදා (27 වැනිදා) පැවැති දේශපාලන ප්‍රචාරක රැස්වීමකදී පැවසුවේ මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියා තමන් සමඟ සාකච්චා කළ බවයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තරග පාවාදීමේ චෝදනාව ඉදිරිපත් කරමින් පවසා තිබුණේ 2011 ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයන් ආදේශ කිරීමට ක්‍රීඩා ආමාත්‍යවරයා ලෙස ඔහුගේ අනුමැතිය ලබානොගත් බවයි. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් 2011 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා පැවසුවේ සියලු ආදේශ කිරීම්වලට අව්‍යශ අනුමැතියන් ලබාගත් බවයි.  


අදහස් (0)

ලියකියවිලි රැසක් ක්‍රිකට් ආයතනයෙන් පොලිස් විමර්ශන ඒකකයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.