Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රැපිඩ් චෙස් ශූරිය ඔනෙලි

රැපිඩ් චෙස් ශූරිය ඔනෙලි

editorial - 2021 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී  ලංකා චෙස් සමේලනය සංවිධානය කළ වයස 18න් පහළ (බාලිකා) ඔන්ලයින් රැපීඩ් චෙස් තරගාවලියේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඔනෙලි විතානවසම් ශූරතාව දිනා ගත්තාය.

කොවීඩ් -19 වයිරසයෙ බලපෑම නිසා මෙම තරගාවලිය ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ, මැයි මස 8 සහ 9 දෙදින පැවැත්විණ. තරගාවලිය සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්විණ.

තරගාවලිය වට හතකින් සමන්විතවූ අතර එම වට හතෙන් ලකුණු 6 ක් ලබාගත් ඔනෙලි විතානවසම් එහි ශූරතාව දිනා ගත්තාය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එසදි නෙවන්සා,  වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහලේ නිමින්දි රත්නායක සහ කළුතර ජේ.එම්.සී ජාත්‍යන්තර පාසලේ පියුමි උත්පලා තරග වට හතෙන් ලකුණු 5.5 බැගින් සම ලකුණු ලබාගත්හ.

චෙස් ක්‍රීඩාවේ අවසාන ගණනය කිරිම්  අනුව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එසදි නෙවන්සාට තරගාවලියේ අනු ශූරතාවත් වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහලේ නිමින්දි රත්නායකට තෙවැනි ස්ථානයත් කළුතර ජේ.එම්.සී. ජාත්‍යන්තර පාසලේ පියුමි උත්පලාට සිව් වැනි ස්ථානයත් හිමි විය.

 


අදහස් (0)

රැපිඩ් චෙස් ශූරිය ඔනෙලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.