Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැගිල් පැහැරගත් කල්ලිය අල්ලයි

මැගිල් පැහැරගත් කල්ලිය අල්ලයි

editorial - 2021 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ්‍රලියානු ටෙස්ට් පිලේ හිටපු විශිෂ්ටම පා දඟ පන්දු යවන්නකු වන ස්ටුවර්ට් මැගිල් කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන යනු ලැබ ඇත. කෙසේ වෙතත් දින කිහිපයකට පසුව, සිඩ්නි පොලිසිය කප්පම් කල්ලියේ සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට 50 හැවිරිදි වියේ පසුවන මැගිල්ව, ඔහුගේ නිවෙස අසළින්, වෙනත් ප්‍රදේශයක් කරා පැහැරගෙන ගොස් ඇත්තේ අප්‍රේල් 14 වැනිදාය. එහිදී ඔහුට පහර දුන් කප්පම්කරුවෝ තුවක්කුවක් පෙන්වා තර්ජනය කරමින් මුදල් ඉල්ලා ඇත. එහෙත් පැයක පමණ කාලයකට පසුව ඔහුව නිදහස් කර ඇත්තේ කිසිම මුදලක් අය නොකරමිනි. කප්පම්කරුවන්ගෙන් අයකු ඔහු දන්නා කියන කෙනකු බවද පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් මුලදී පොලිසියට පැමිණිලි කිරීමට අකමැති වූ හිටපු දඟ පන්දු යවන්නා, තමන් විඳි මානසික වධය නිසා දින 6 කට පසුව පොලිසියට පැමිණිලි කර තිබේ.
කප්පම්කරුවන් සිව් දෙනා අද (බදාදා) උසාවියට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් කිසිවකු ඇප ඉල්ලුම්කර නැත.

1998 සහ 2008 අතර, වසර 10 ක් පමණ යන තුරු ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 ක් ක්‍රීඩා කළ දඟ පන්දු යවන්නාට අවස්ථාව ලැබුනේ ෂේන් වෝන් ක්‍රීඩා නොකරන අවස්ථාවලදී පමණි.  එම කාලයේදී ඔහු ටෙස්ට් කඩුලු 208 ක හිමිකරුවා විය. ෂේන් වෝන්ගේ සමකාලීනයකු නොවූවා නම් ඉතා පහසුවෙන්ම ටෙස්ට් තරග 100 ක් හෝ ඊට වැඩියෙන් ක්‍රීඩා කරමින් ටෙස්ට් කඩුලු 400 කඩයිම පැනගැනීමට මැගිල්ට පහසුවෙන්ම අවස්ථාව තිබිණ.


- 213

 


අදහස් (0)

මැගිල් පැහැරගත් කල්ලිය අල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.