Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බෝල්ට් - නීෂම් ටෝකියෝ හරහා ගෙදර යති

බෝල්ට් - නීෂම් ටෝකියෝ හරහා ගෙදර යති

editorial - 2021 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වන විට අත්හිටුවා ඇති ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවූ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් පිරිසක් පෞද්ගලික ගුවන් යානයකින් ඊයේ (8 වැනිදා) සිය මව්බිමට සැපත් වූහ. තවත් පිරිසක් අද දිනයේදී පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වනවිට නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් වන ටේ‍රන්ට් බෝල්ට්, ෆින් ඇලන්, ජේම්ස් නීෂම්, ඇඩම් මිල්න් සහ ස්කොට් කුග්ලෙජ්න් මෙන්ම පුහුණුකරුවන් මෙන්ම හිටපු ක්‍රීඩකයින් වන ජේම්ස් පැමන්ට්, ෂේන් බොන්ඩ් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ මයික් හෙසන් මහතා සෙනසුරාදා රාත්‍රියේ නවසිලන්තයට ලඟා වූහ.

අයි.පී.එල්. තරගාවලියේ ජෛව ආරක්‍ෂිත බුබුලු තුලින් කොරෝනා වයිරසය ආසාධිත වූවන් වාර්තා වීමත් සමගින් අයි.පී.එල්. තරගාවලිය අත්හිටුවන ලදි. අයි.පී.එල් තරගාවලියට සහභාගිවූ ක්‍රීඩකයන් පෞද්ගලික ගුවන් යානා දෙකකින් ගෙන්වා ගැනීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

ටෝකියෝ හරහා පැමිණි බොම්බාර්ඩියර් ග්ලෝබල් එක්ස්ප්‍රස් පුද්ගලික ආයතනයට අයත් ජෙට් යානයකින් ඔවුන් නවසීලන්තය බලා ගිය අතර නවසීලන්තයට පා තැබූ වහාම ඔවුන් නියමිත නිරෝධායන කටයුතු සඳහා යොමු කරන ලදි.

ලොකී ෆර්ගසන්, බ්‍රෙන්ඩන් මැකලම්, විස්තර විචාරකයින් වන සයිමන් ඩූල් සහ ස්කොට් ස්ටයිරිස්, විනිසුරු ක්‍රිස් ගැෆානි, හිටපු නායක ස්ටීවන් ෆ්ලෙමින් සහ කයිල් මිල්ස් රැගත් දෙවන ගුවන් යානය සෙනසුරාදා රාත්‍රියේදී ඉන්දියාවෙන් පිටත්ව ගියේය.

නවසීලන්තය වෙත පිටත්ව යාමට පෙර කරන ලද පී.සී.ආර් පරීක්‍ෂණයක ප්‍රතිඵල ධනාත්මක වීම හේතුවෙන් කඩුලු රකින ක්‍රීඩක ටිම් සේෆර්ට්ට ඉන්දියාවේ නතර වීමට සිදුවිය. ප්‍රතිකාර සඳහා මේ වනවිටත් ඔහුව චෙන්නායි හි පෞද්ගලික රෝහලකට මාරු කර ඇත. මින් පෙර ඕස්ටේ්‍රලියානු ක්‍රීඩක මයිකල් හසීද පී.සී.ආර් පරීක්‍ෂණයක ප්‍රතිඵල ධනාත්මක වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින්නේය.

- 2079

 


අදහස් (0)

බෝල්ට් - නීෂම් ටෝකියෝ හරහා ගෙදර යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.