Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බැංගලෝර් පිලේ ඩැනියෙල්ටත් කොරෝනා

බැංගලෝර් පිලේ ඩැනියෙල්ටත් කොරෝනා

editorial - 2021 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වීමට දින දෙකක් තිබියදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියෙල් සැම්ස්ට කෙරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. දිල්ලි කැපිටල්ස් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක අක්ෂර් පතෙල් සහ කොල්කටා නයිට් රයිඩර්ස් පිතිකරු නිතිෂ් රානාට පසුව අයි.පී.එල්. හි ජෛව සුරක්ෂිත බුබුලු තුළ සිටින ක්‍රීඩකයන් අතුරින් කොරෝනා වයිරසය අසාදනය වූ තුන්වැන්නා ඩැනියෙල් සෑම්ස්ය. ඔහු 28 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි.

සෑම්ස්ගේ කණ්ඩායම් සගයකු වන දෙව්දූත් පඩික්කාල් ද කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින නමුත් ඔහු වයිරසයේ බලපෑමට හසුවූ බව තහවුරු වූයේ සංචිතයට එක්වීමට පෙරය. මුම්බායි ඉන්දියන්ස් පිලේ පෙරගමන්කරුවකු මෙන්ම කඩුලු රකින උපදේශක කිරාන් මෝරේද කොරෝනා වෛරසය වැළඳීමෙන් පසුව හුදෙකලා ව සිටිති.

පුදුමයට කරුණ නම් කොරෝනා වයිරසය ලෝ පුරා පැතිරීම එහි උච්චතම අවස්ථාවේ තිබියදීත්, 2020 අයි.පී.එල්. තරගාවලිය ඩුබායිහිදී පැවැති විට කිසිම ක්‍රීඩකයකු වයිරසයට ගොදුරු නොවීමයි.

“ඩැනියෙල් සැම්ස් අප්‍රේල් 3 වැනිදා චෙන්නායි හි කණ්ඩායම් හෝටලයට පැමිණියේ කොරෝනා වයිරසය අසාදනය වී නැති බවට තහවුරු කරන ලද වාර්තාවක් සමගිනි.

එහෙත් කොරෝනා අසාදනය වීම සම්බන්ධයෙන් අප්‍රේල් 7 වන දින දෙවන පරීක්ෂණයෙන් ඔහුගේ වාර්තාව ධනාත්මක වී තිබේ” යයි බැංගලෝර් කණ්ඩායම අද (බදාදා) නිල ප්‍රකාශයක් නිකුත් කළේය.

“සෑම්ස්ට මේ වන විට රෝග ලක්ෂණ නොමැති අතර ඔහු වෙන්කරන ලද වෛද්‍ය මධ්‍යස්ථානයක හුදෙකලා වී සිටී. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෛද්‍ය කණ්ඩායම, ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිර්දේශ අනුව, සැම්ස් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වමින් සිටින අතරම ඔහුගේ සෞඛ්‍යය පිළිබඳව නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් සිටීි” යයිද එම ප්‍රකාශයෙන් දැක්වේ.

ඉන්දියාවේ ස්ථාන හයකදී පැවැත්වෙන මෙම වසරේ අයි.පී.එල්. තරගාවලිය සඳහා ක්‍රීඩකයෝ සහ කාර්ය මණ්ඩලය තෝරාගත් ආරක්‍ෂිත පරිසරයක රැඳී සිටිති. තරගාවලියේ මුල් අදියරේදී ප්‍රේක්‍ෂකයන් නොමැතිව තරග පැවැත්වෙනු ඇත.

2021 අයි.පී.එල්. තරගාවලියේ පළමු තරගය, පස් වතාවක් අයි.පී.එල්. කුසලාන දිනූ, මුම්බායි ඉන්දියන්ස් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර සිකුරාදා පැවැත්වෙයි.

කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල ඉන්දියාව තුළ ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින අතර අද (බදාදා) දිනයේ දී පමණක් ඉන්දියාවෙන් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,15,736 කි. මෙම තත්ත්වය අනුව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය වන්නේ තමන් තනිවම මෝටර් රථයක් පදවාගෙන ගියද මුව ආවරණය පැළඳිය යුතුම බවයි. එසේ නොකරන්නන් විසින් කරනු ලබන අභියාචනා නොසලකා හරින බවද ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු කියති.


- 213

 


අදහස් (0)

බැංගලෝර් පිලේ ඩැනියෙල්ටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.