Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බස්නාහිර පළාත් රග්බි සංගමයේ සාමාජිකත්වය අහෝසි කරයි

බස්නාහිර පළාත් රග්බි සංගමයේ සාමාජිකත්වය අහෝසි කරයි

යොහාන් භාසුර - 2020 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


බස්නාහිර පළාත් රග්බි සංගමය 2019 වසර සඳහා සාමාජික මුදල් ගෙවා නොමැති වීම නිසා ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අහෝසි කළ යුතු බවට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අනුමැතිය ලබාදී තිබේ. බස්නාහිර පළාත් රග්බි සංගමයට ශ්‍රී ලංකා රග්බි සංගමයේ 2020 නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති බවට ලැබුණු පැමිණිල්ල පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අභියාචනා කමිටුව කළ පරීක්‍ෂණයට අනුව එම කමිටුව කොටස් දෙකකින් යුත් නිර්දේශයක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී විසින් ඉදිරිපත් කරන ලද වාර්තා අනුව පළාත් රග්බි සංගම් පහක් පමණක් 2019 වර්ෂය සඳහා සාමාජික මුදල් ගෙවා ඇති බැවින් එම සංගම්වලට පමණක් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සියළුම අයිතිවාසිකම් සහ වරප්‍රසාද හිමි බව කමිටුව විසින් නිර්දේශ කරනු ලබයි. මධ්‍යම පළාත් රග්බි පාපන්දු සංගමය, රුහුණු පළාත් රග්බි පාපන්දු සංගමය, උතුරු මැද පළාත් රග්බි පාපන්දු සංගමය, සබරගමුව පළාත් රග්බි පාපන්දු සංගමය සහ වයඹ පළාත් රග්බි පාපන්දු සංගමය මෙම සංගම් පහ වෙයි.

2019 වර්ෂය සඳහා සාමාජික මුදල් ගෙවා නොමැති බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය සහ අනෙකුත් පළාත් රග්බි සංගම්වල ශ්‍රී ලංකා රග්බි සංගමයේ සාමාජිකත්වය ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථාවේ 16, 17 සහ 18 වගන්ති ප්‍රකාරව අහෝසි කළ යුතු බවට කමිටුව විසින් නිර්දේශ කරනු ලබයි. ඒ අනුව මෙම නිර්දේශ වහාම ක්‍රියාත්මක කළ යුතු බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබ ඇත.

ඉහත නිර්දේශයට අනුව ඌව පළාත් රග්බි පාපන්දු සංගමය, පාසල් රග්බි පාපන්දු සංගමය සහ විශ්වවිද්‍යාල රග්බි පාපන්දු සංගමය යන සංගම්වලටද ශ්‍රී ලංකා රග්බි සංගමයේ සාමාජිකත්වය අහෝසි වන බව වාර්තා වේ.     

ශ්‍රී ලංකා රග්බි නිලවරණය ලබන අගෝස්තු 29 වැනිදා පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

බස්නාහිර පළාත් රග්බි සංගමයේ සාමාජිකත්වය අහෝසි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.