Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තානු - නවසීලන්ත තරගාවලියට විතීවි නෑ

පාකිස්තානු - නවසීලන්ත තරගාවලියට විතීවි නෑ

editorial - 2021 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ නවසීලන්තය අතර මේ මස 17 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අයත් නොවන අතර ද්විපාර්ශ්වික තරගාවලියක් ලෙස පැවැත්වේ. තරගාවලිය සඳහා විනිසුරු තීරණ විමසීමේ (විතීවි) ක්‍රමවේදය නොමැතිවීම හේතුවෙන් අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අයත් නොවන තරගාවලියක් ලෙස පැවැත්වීමට රටවල් දෙකම එකඟවී ඇත.

විතීවි නොමැතිව වුවද තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට ඇතුළත් කිරීමේ හැකියාව තිබුණද තාක්ෂණය භාවිතයෙන් තොරව ඉහළ මට්ටමේ තරග මාලාවක් සඳහා සහභාගිවීමට නවසීලන්තය සූදානම් නොවූ බව වාර්තා වේ.

විතීවි තාක්‍ෂණය සපයන රූපවාහිනී නිෂ්පාදන සමාගම් වල සේවය අයි.පී.එල්. තරගාවලියට දීම හේතුවෙන් නවසීලන්ත - පාකිස්තානු තරගාවලිය සඳහා විතීවි තාක්ෂණය යොදාගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුමැතිය ලත් සැපයුම්කරුවෙකු සොයා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට සහ රූපවාහිනි විකාශකයින්ට නොහැකි වී තිබේ.

නවසීලන්තය නැවත වරක් 2022-23 කාල සීමාව තුළදී ටෙස්ට් තරග 2 ක් සහ එක්දින තරග 3 ක් සඳහා පාකිස්තානයට පැමිණීමට නියමිතව ඇත. එම එක්දින තරග 3 සුපර් ලීග් තරගාවලිය යටතේ ක්‍රීඩා කිරීමට ක්‍රිකට් ආයතන දෙකම එකඟ වී තිබේ.

පාකිස්තානය මේ වන විට සුපර් ලීග් තරඟ 9 කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයග්‍රහණ 4 ක් සමගින් මුළු ලකුණු 40 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ පසුවන්නේය. නවසීලන්තය මේ දක්වා සුපර් ලීග් තරග තුනක් පමණක් ක්‍රීඩාකර ඇති අතර එම තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු 30 ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි ස්ථානයේ පසුවන්නේය.

2020-23 සුපර් ලීග් චක්‍රයේ කණ්ඩායම් 13 න් සත්කාරක ඉන්දියාව ඇතුළු ඉහළ පෙළේ කණ්ඩායම් 7 ක් 2023 ලෝක කුසලානය සඳහා කෙලින්ම සුදුසුකම් ලබති. එහි පහළම සිටින කණ්ඩායම් පහ සුදුසුකම් ලැබීමේ තරඟාවලියකට සහභාගී විය යුතුය.

- 2079


අදහස් (0)

පාකිස්තානු - නවසීලන්ත තරගාවලියට විතීවි නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.