Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රාන්ත 3 කින් අයි.පී.එල්. තරගාවලියට ආරාධනා

ප්‍රාන්ත 3 කින් අයි.පී.එල්. තරගාවලියට ආරාධනා

editorial - 2021 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම සඳහා එංගලන්තයේ ප්‍රාන්තවලින් යෝජනා කිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් සාකච්ඡා කර නොමැති බව භාණ්ඩාගාරික අරුන් සිං ධුමාල් මහතා පවසයි.

”ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව අපි තවම සාකච්ඡා කර නෑ. ඒ සඳහා තවමත් කල් වැඩියි. මේ වන විට අපගේ ක්ෂණික සැලැස්ම වන්නේ මේ වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වීමයි” යැයි ධුමාල් සිං මහතා රොයිටර් පුවත් සේවයට පැවසීය.

වෝර්වික්ෂයර්, සරේ සහ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ මෙවර අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි තරග 31 සඳහා සත්කාරකත්වය ලබා දීමට ඉදිරිපත් වී සිටිති. ක්‍රීඩකයින් 4 ක්, සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 2 ක් සහ බස්රිය පිරිසිදු කරන්නෙකුට කොරෝනා වයිරසය වැළඳීමෙන් අනතුරුව මැයි 4 වන දින අයි.පී.එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් තැබීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේය.

කොරෝනා වයිරසයේ මාරාන්තික දෙවන රැල්ල හරහා සෞඛ්‍ය සහ යටිතල පහසුකම් වල හිඟය හේතුවෙන් මේ වනවිට ඉන්දියාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත. අර්බුදය පාලනය කර ගත හැකි වුවද ඉන්දියාවේදී අයි.පී.එල්. වැනි තරගාවලියක් පැවැත්වීම මේ මොහොතේදී කළ නොහැකි තත්වයකට පත්ව ඇත.

“අපි සියලු විකල්ප සොයා බලා එම තරඟ ක්‍රීඩා කිරීමට සුදුසු ස්ථානයක් සහ වේලාවක් තීරණය කරනවා” යයි කී ධුමාල් මහතා විවිධ රටවල අයි.පී.එල්. තරග පැවැත්වීමට ඇති උනන්දුව මෙම තරගාවලිය කෙරෙහි විදේශයන්හි ඇති ජනප්‍රියතාවය පෙන්නුම් කරන බවද පැවසීය.

”අයි.පී.එල් අති දැවැන්ත තරගාවලියක්. සෑම කෙනෙකුම අයි.පී.එල් තරඟ පැවැත්වීමට කැමතියි. එයට ඉන්දියාවෙන් පිටත පවා විශාල රසික පිරිසක් සිටිනවා.”

දැනටමත් කාර්ය බහුල දින දර්ශනයක, ඉතිරිව ඇති දින කිහිපයේදී අයි.පී.එල්. තරග පැවැත්වීම කෙතරම් දුෂ්කර දැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පිළිගෙන තිබේ. ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර, සැප්තැම්බර් මාසයේදී එය නැවත ආරම්භ කළ හැකි නමුත් එය පවා මේ මොහොතේ ඉතා දුෂ්කර බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතා පවසයි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ (7 වැනිදා) සිය ට්විටර් ගිණුමේ වීඩියෝ පටයක් පළකළ අතර සැප්තැම්බර් මාසයේ දී අයි.පී,එල්. තරඟාවලිය නැවත ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉඟිකළේ යයි එහි සභාපති ආනන්ද් ක්‍රිපාලු මහතා ක්‍රීඩකයින්ට පැවසුවේය.


- 2079

 


අදහස් (0)

ප්‍රාන්ත 3 කින් අයි.පී.එල්. තරගාවලියට ආරාධනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.