Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමයේ 2020 නිලවරණයේදී ඡන්ද බලය හිමිකරගැනීමට සුදුසුකම් ලෙස පළාත් සංගම් ඉදිරිපත් කර ඇති තොරතුරුවලට විරෝධතා පැමිණිළි හයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියෙක් පැවසීය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රී ලංකා රග්බි නිලවරණ කමිටුවට එම තොරතුරුවලට එරෙහිව විරෝධතා පසුගිය සිකුරාදා (26 වැනිදා) බාරගත් අතර අද (29 වැනිදා සිට ඒ පිළිබඳව සළකා බැලීමට නියමිතය.
මෙහි කැපී පෙණෙන තත්ත්වය බවට පත්ව ඇත්තේ සියලුම පළාත් සංගම්වලට එරෙහිව පැමිණිළි ලැබීම බව වාර්තා වේ.
බස්නාහිර පළාත් සංගමය විසින් උතුරු මැද සහ සබරගමුව පළාත් ඉදිරිපත් කළ තොරතුරුවලට එරෙහිව විරෝධතාවක් ඉදිරිපත් කර ඇති බවත් උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත් සංගම් විසින් බස්නාහිර පළාත් සංගමයට එරෙහිව විරෝධතා ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියකු පැවසුවේ තරගාවලි පිළිබඳව තොරතුරු පළාත් සංගම් සතුව පමණක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයට මැදිහත්විය නොහැකි බවයි.
“සංගමය සතු තොරතුරු නිලවරණ කමිටුවට දෙන්න අපි බැදී ඉන්නවා. නමුත් ක්‍රීඩා සමාජ සංවිධානය කළ තරගාවලිවලට මුදල් දෙන්නෙ පළාත් සංගම් ඒ නිසා ඒ තොරතුරු තියෙන්නේ ඔවුන් සතුවයි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
රග්බි පරිපාලන නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණය අගෝස්තු මස 29 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නාමයෝජනා ලබන ජූලි මස 20 වැනිදා බාරගැනීමට සැළසුම් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.