Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නැතිවෙන කලට සියල්ලම

නැතිවෙන කලට සියල්ලම

editorial - 2021 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නායකත්වය අහිමි වී පැය 24 ක් යන්නටත් මත්තෙන් ඩේවිඩ් වෝනර්ට කණ්ඩායමේ 11 දෙනා අතර ස්ථානයත් නැතිව ගියේය. ඉරිදා (2 වැනිදා) රාත්‍රියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය සඳහා වෝනර්ට කැඳවීමක් නොලැබිණ.

34 හැවිරිදි ඩේවිඩ් වෝනර් වෙනුවට ඉරිදා රාත්‍රියේ තරගයට ක්‍රීඩා කළේ ඇෆ්ඝනිස්ථානු ජාතික මොහොමඩ් නබීය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙම අසීරු තීරණය ගන්නේ ප්‍රසාද ලකුණු සටහනේ අඩියටම වැටී සිටියදීය. එහෙත් ප්‍රතිඵලයේ වෙනසක් නැත. ඉරිදා රාත්‍රියේ පැවැති තරගයේදී ජොස් බට්ලර් ලබාගත් ශතකය හේතුවෙන් රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩකයෝ ලකුණු 55 ක පහසු ජයක් ලබාගත්හ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකුට ලබාගත හැකි ඉහළම සම්මායන වන ‘ඇලන් බෝඩර් පදක්කම’ තුන් වතාවක් හිමිකරගත් ඩේවිඩ් වෝනර්, පසුගියදා සිය 50 වැනි අයි.පී.එල්. අර්ධ ශතකය වාර්තා කළේ චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගයේදීය. එහෙත් එම තරගයේදී ලකුණු 57 ක් වෙනුවෙන් පන්දු 55 කට මුහුණදීම සම්බන්ධයෙන් වෝනර් දෝෂ දර්ශනයට ලක්විය.

මෙවර අයි.පී,එල්. තරගාවලියේ තරග 6 කදී වෝනර්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය වන්නේ 32.16 කි. එය ඔහුගේ අයි.පී.එල්. සාමාන්‍යය වන 42.22 ට වඩා බෙහෙවින් පහළ අගයකි.

කණ්ඩායමේ 11 දෙනාගෙන් නම හැළීයාම සම්බන්ධයෙන් වෝනර් සිය තිගැස්ම මෙන්ම කළකිරීමත් පෙන්නුම් කර තිබේ. හයිද්‍රාබාද් පිලේ අධ්‍යක්‍ෂක ටොම් මූඩි මහතා එය තහවුරු කළේය.

“අපිට අමාරු තීරණයක් ගන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ කාට හරි කෙනෙකුට එළියට යන්න වෙනවා. අවාසනාවට වගේ ඔහුට (ඩේවිඩ් වෝනර්ට) තමා එළියට යන්න වුණේ” යයි ටොම් මූඩි මහතා පැවසීය.

 

- 213


අදහස් (0)

නැතිවෙන කලට සියල්ලම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.