Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිනේෂ්ගේ ජය මගේ පදක්කමටත් වඩා වටිනවා

දිනේෂ්ගේ ජය මගේ පදක්කමටත් වඩා වටිනවා

editorial - 2021 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

තරග වට හතරකට සහභාගි වී ඔලිම්පික් පදක්කම දිනා ගැනීමට තමන්ට සිදුවුවත් දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ පැරලිම්පික් ජයග්‍රහණය  ඊට ඉහළින් සැලකීමට සිදුවන බව ඔලිම්පික් රිදී පදක්කම්ලාභී හිටපු සුපිරි ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

ටෝකියෝ ‘පැරලිම්පික්  උළෙලේ හෙල්ල විසි කිරීමෙන් ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියත්ත හේරත්ට මේ වනවිට රට තුළින් ලැබී තිබෙන ප්‍රතිචාර ගැන ‘ලංකාදීප’යට අදහස් දක්වමින් ඇය එසේ පැවසුවාය.

සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙසේද පැවසුවාය.

දිනේෂ් ප්‍රියන්ත කළේ ඇඟ හිරි වැටෙන වැඩක්. මේ රටේ මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ඔලිම්පික් උළෙලකදී හෝ පැරලිම්පික් උළෙලකදී කරන්න බැරි වැඩක් දිනේෂ් කළා. ඒ තමයි පැරලිම්පික් උළෙලේදී රටේ ජාතික ගීය වාදනය වීමට සැලැස්වීම. “

“දිනේෂ් හෙල්ල විසි කරලා ඒ ලෝක වාර්තාව පිහිටුවන අවස්ථාව මම රූපවාහිනියෙන් දැක්කා. මගේ ඇඟ හිරිවැටිලා ගියා. බුදු අම්මෝ එහෙම හපන්කමක්. ශ්‍රී ලංකාවේ ජාතික ගීය වාදනය වෙනකොට මට ඇති වෙච්ච හැඟීම වචනයෙන් විස්තර කරන්න බෑ.“

“හුඟදෙනෙක් මගෙන් ඇහුවා ඔයාගේ ඔලිම්පික් දස්කම් දිනේෂ්ගෙ පැරලිම්පික් දස්කමට සම කරන්න පුළුවන්ද කියලා.
මම කියනවා ඒක මගේ දස්කමටත් සම කරන්න බැරි ඉන් එහාට ගිය දස්කමක් කියලා. ඒ නිසා දිනේෂ් ප්‍රියන්තට ඒ වෙනුවෙන් ලැබුණු තෑගි බෝග තවත් ලැබෙනවා නම් ගොඩක් හොඳයි.“

“මම සිඩ්නි ඔලිම්පික් උළෙලෙදි පදක්කම දිනා ගත්තේ තරගවට හතරකට පස්සෙයි.  එදා මම පදක්කම දිනාගන්න වෙලාවේ මුලින්ම හිතුණෙ වෙන කිසි දෙයක් නොවෙයි තටු තිබ්බා නම් කෙළින්ම ලංකාවට පියාඹන්නයි. දිනේෂ්ට ඒ වෙලාවේ ඇතිවුණ හැඟීම මට ඒ හින්දා හිතා ගන්න පුළුවන්.“

මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන සුසන්තිකා ජයසිංහ මහත්මිය කොවිඩ් ආසාදනවීමෙන් මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ගනිමින් පසුවේ.

 


අදහස් (0)

දිනේෂ්ගේ ජය මගේ පදක්කමටත් වඩා වටිනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.