Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු නිලවරණය ද්වන්ධ සටනක්

දැල්පන්දු නිලවරණය ද්වන්ධ සටනක්

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

--------------------
නාමල් පතිරගේ
--------------------

මැයි 25 වැනිදා පැවැත්වීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය ද්වන්ධ සටනක් බවට පත්වනු ඇතැයි වාර්තා වේ. සබරගමුව පළාත් සභාවේ වත්මන් ලේකම් රංජිනී ජයකොඩි මහත්මිය එහිදී සභාපති අපේක්‍ෂිකාවක් ලෙස නාමයෝජනා බාරදීමට සූදානම් වන බවද වාර්තා වේ.

වත්මන් සභාපතිනි ලක්‍ෂ්මී වික්ටෝරියා මහත්මිය යළිත් එම ධුරයට නාමයෝජනා බාරදීමට තීරණයකර ඇති බැවින් රංජිනී ජයකොඩි මහත්මියගේ පැමිණීම හේතුවෙන් නිලවරණය ද්වන්ධ සටනක් වනු ඇත.

රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ හා මාතලේ දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ වත්මන් සභාපති ධුරයද දරන රංජිනී ජයකොඩි මහත්මිය, ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියයි. මෙවර නිලවරණයට ඇය තරගවදින්නේ නම් ඇගේ සහයට ක්ෂේත්‍රයේ හිටපු නිලධාරිනියන් පිරිසක් සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බවත් මේ අතර වාර්තා වේ.

නිලවරණයට කැඳවනු ලබන ක්‍රීඩා සමාජ හා සංගම් කීපයක නිලධාරිනියන්ගේ අනන්‍යතාවය අභියෝගයට ලක් කරමින් දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනි ට්‍රික්‍ෂි නානායක්කාර මහත්මිය ගොනු කර තිබූ විරෝධතා නිලවරණ කමිටුව විසින් ඉවත දමනු ලැබ තිබේ.  එම විරෝධතා අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩා සංගමයේ දැල්පන්දු ලේකම්වරිය නොවන බවට දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක්දවන යසා රාමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර තිබූ විරෝධතාවයද ඉවත දමා තිබේ. ඇගේ පත්වීම පිළිගනිමින් මහ කොළඹ ආර්ථික කොමිසම එහිදී නිලවරණ කමිටුවට ලිපියක් බාරදී තිබේ.

දැල්පන්දු නිලවරණයේ නාමයෝජනා බාර ගැනීම මේ මස 20 වැනිදා සිට 24 වැනිදා දක්වා සිදු කෙරේ. නාමයෝජනා විරෝධතා ප්‍රකාශයට පත් කිරීම මැයි 5 වැනිදා සිදු කෙරේ.  

නිලවරණයේදී ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජ හා අනුසංගම් ගණන 36 කි. එහෙත් නිලවරණයට සහභාගිවන එහි ගණන 40 කි. නව සාමාජික සංගම් 4 කට ඡන්ද බලය නැත. ඔවුන් නිලවරණයට සහභාගි වන්නේ නිරීක්ෂකයන ලෙසින් පමණි.

දැල්පන්දු නිලවරණ කමිටුව විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති), අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්‍ෂ (ශාරීරික අධ්‍යාපන ක්‍රීඩා) සුනිල් ජයවීර සහ විශ්‍රාමලත් ක්‍රීඩා අධ්‍යක්‍ෂිකා පද්මජිනා සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතය.


අදහස් (0)

දැල්පන්දු නිලවරණය ද්වන්ධ සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.