Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තෙන්ඩුල්කාර් ගෙදර යයි

තෙන්ඩුල්කාර් ගෙදර යයි

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසය වැළඳීමෙන් පසුව පූර්වාරක්ෂක පියවරක් ලෙස පසුගියදා රෝහල්ගත වූ හිටපු ඉන්දීය නායක සහ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් රෝහලෙන් පිටව සිය නිවස බලා ගියේය. කෙසේ වෙතත් තවත් දින කිහිපයක් ඔහුට මුම්බායිහී පිහිටි සිය නිවසේ සිට නිරෝධායනව වීමට සිදුවනු ඇත.

මේ මස අවසානයේ 48 වැනි වියට පා තබන තෙන්ඩුල්කාර් ඔහුගේ තත්වය පිළිබඳව ට්විටර් සටහනක් තබා තිබේ.

“මම රෝහලේ සිට නිවස වෙත ආවා. තවත් දින කිහිපයක් මට නිරෝධායනය වෙමින් විවේක ගැනීමට සිදුවෙනවා. මා වෙනුවෙන් දෙවියන්ට යාඥා කළ සහ සුභපැතුම් එක් කළ සියලුදෙනාටම ස්තූතියි. එය සැබවින්ම අගය කරනවා” යැයි තෙන්ඩුල්කාර් පැවසීය.

රෝහල්ගතව සිටියදී තමා රැකබලා ගැනීම පිළිබඳව තෙන්ඩුල්කාර් වෛද්‍ය කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කළේය.

“මා ගැන මෙතරම් හොඳ සැලකිල්ලක් දැක්වූ අවට වගේම වසරක් තිස්සේ, ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ, වෙහෙස මහන්සි වී සේවය කළ සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලයට මම සැමදා කෘතක්ඥ වෙනවා” යැයි තෙන්ඩුල්කාර් සිට ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මාර්තු 27 වන දින සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණයකින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වයිරසය වැළඳී ඇති බව තහවුරුවී ඇත. කෙසේ වෙතත්, ඔහුගේ පවුලේ සාමාජිකයන් කිසිවෙකුය වයිරසය වැළඳී නැත.

සචින්තේ පුතණුවන් වන අර්ජුන් තෙන්ඩුල්කාර් මෙවර අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.

- 2079

 


අදහස් (0)

තෙන්ඩුල්කාර් ගෙදර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.